“ආයතන සංග්‍රහය කාණ්ඩ 02කි. පළමු කාණ්ඩය I සිට XXXIII දක්වා හා XXXVI යන පරිච්ඡේදවලින් ද, දෙවන කාණ්ඩය XLVII හා XLVIII යන පරිච්ඡේදවලින් ද සමන්විත වේ.
ආයතන සංග්‍රහයේ පළමු කාණ්ඩය 1972.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 1972 වර්ෂයේ දී මුල්වරට සංගෘහිත ග්රන්ථයක් ලෙස නිකුත් කර ඇති අතර, එහි පළමු සංශෝධනය 1985.09.01 දිනැතිවත්, දැනට බලාත්මක සංශෝධනය 2013.07.08 දිනැතිවත් නිකුත් කර ඇත.
ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩය 1974 වර්ෂයේ දී මුල්වරට සංගෘහිත ග්රන්ථයක් ලෙස නිකුත් කර ඇති අතර, එහි පළමු සංශෝධනය 1981.04.08 දිනැතිවත්, දැනට බලාත්මක සංශෝධනය 1999.08.02 දිනැතිවත් නිකුත් කර ඇත.
ආයතන සංග්‍රහය අමාත්‍ය මණ්ඩල අනුමතිය මත රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරනු ලබන අතර එහි සඳහන් විධිවිධාන සංශෝධනය කිරීම අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරනු ලබන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මඟින් සිදු කරනු ලැබේ.”
1 වැනි කාණ්ඩය
1985 වර්ෂයේ නිකුත් කරන ලද ආයතන සංග්‍රහය
1985 වර්ෂයේ නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ පළමුවන කාණ්ඩයට එදින සිට 2012.12.31 දින දක්වා අමාත්‍ය මණ්ඩල තීරණ අනුව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මඟින් සිදුකර ඇති සංශෝධන ඇතුළත් කරමින් සකස් කර ඇති සිංහල සහ දෙමළ මාධ්‍ය ආයතන සංග්‍රහයේ මෘදු පිටපත් (soft copy) මෙමගින් භාගත කර ගත හැකිය.
- සිංහල මාධ්‍ය මෘදු පිටපත බාගත කර ගැනීම
[ PDF - 13.4 MB ] - දෙමළ මාධ්‍ය මෘදු පිටපත බාගත කර ගැනීම
[ PDF - 2.46 MB ]
2013 වර්ෂයේ නිකුත් කරන ලද ආයතන සංග්‍රහය සඳහා 2012.12.31 දිනට පසුව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මඟින් සිදු කරන ලද සංශෝධනවලට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සඳහා යොමු ඇතුළත් ආයතන සංග්‍රහයේ සිංහල මෘදු පිටපත සඳහා පිවිසුම.
පහත වගුවේ සුචිගත කර ඇති පරිදී ආයතන සංග්‍රහයේ මෘදු පිටපතේ එම අදාල සංශෝධන දක්වා ඇත
ආයතන සංග්‍රහයේ වගන්තියක්/ වගන්ති පළමුවර සංශෝධනය කිරීමට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සඳහා යොමුව | |
ආයතන සංග්‍රහයේ වගන්තියක්/ වගන්ති වරකට වැඩියෙන් සංශෝධනය කිරීමට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සඳහා යොමු | |
ආයතන සංග්‍රහය සඳහා නව වගන්තියක්/ වගන්ති ඇතුළත් කිරීමට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සඳහා යොමුව | |
ආයතන සංග්‍රහය සඳහා නව වගන්තියක්/ වගන්ති වරකට වැඩියෙන් ඇතුළත් කිරීමට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සඳහා යොමු | |
ආයතන සංග්‍රහයේ සඳහන් වගන්තියක්/ වගන්ති ඉවත් කිරීමට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සඳහා යොමු |
2012.12.31 දිනෙන් පසුව ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරමින් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සඳහා යොමුව - පරිච්ඡෙද වශයෙන් සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිකුත් කර ඇති වර්ෂ අනුව
පරිච්ඡේද
පරිච්ඡේද අංකය | ශීර්ෂය | රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සංශෝධන | |
වර්ෂය | චක්‍රලේඛ අංකය | ||
I | සාමාන්‍ය | 2018 | 24/2018 |
II | සේවයට බඳවා ගැනීමේ කාර්ය පරිපාටි සහ පත්කිරීම් | ||
III | මාරුකිරීම් | ||
IV | මාස්පඩි, තාවකාලික තත්ත්වය, ස්ථිර තත්ත්වය සහ විශ්‍රාම වැටුප් හිමිකම ප්රදානය කිරීම | ||
V | මුදාහැරීම, කලින් දැරූ තනතුරට පෙරළා යැවීම හා සේවය අවසන් කිරීම | ||
VI | සේවා ලේඛන, වාර්තා සහ සහතික | 2013 | 24/2013 |
2019 | 06/2019 | ||
VII | වැටුප් | 2019 | 19/2019 |
2021 | 13/2021 | ||
VIII | අතිකාල දීමනා, නිවාඩු දවස් සහ නිවාඩු දවස් සඳහා වැටුප් හා දීමනා | 2013 | 21/2013 |
IX | ගාස්තු | ||
X | ජූරි සභිකයන්ට, සාක්ෂිකරුවන්ට, නිල නොලත් මහෙස්ත්‍රාත්වරුන්ට, හදිසි මරණ පරීක්ෂකවරුන්ට සහ විවිධ සේවා වෙනුවෙන් කරන ගෙවීම් | ||
XI | ප්‍රතිපූර්ණ සහ වන්දි | ||
XII | නිවාඩු | 2013 | 27/2008(I), 11/2013, 16/2013, 24/2013 |
2014 | 07/2014, 09/2014, 23/2014 | ||
2015 | 01/2015(L) | ||
2016 | 21/2016, 07/2016 | ||
2017 | 07/2017 | ||
2018 | 27/2018 | ||
2021 | 07/2017(I) | ||
2022 | 06/2022, 18/2022, 28/2022 | ||
2023 | 16/2023 | ||
XIII | දුම්රිය බලපත්‍ර | ||
XIV | දිවයින ඇතුළත රාජකාරි ගමන් | 2018 | 20/2018 |
2022 | 29/2022 | ||
XV | අධ්‍යයන, අභ්‍යාස හෝ රාජකාරි කටයුතු සඳහා පිටරට යෑම | 2016 | 18/2016 |
2019 | 02/2019 | ||
XVI | නිවාඩු ගමන් | 2013 | 26/2013 |
2017 | 25/2017 | ||
XVII | අනුග්‍රහ වාර ප්‍රවේශ පත්‍ර | ||
XVIII | නිල නිවාස | ||
XIX | රජයේ නිවාස | 2016 | 04/2016 |
XX | නිවාඩු බංගලා | ||
XXI | ආරක්ෂක ඇඳුම් හා නිල ඇඳුම් | ||
XXII | ශුභ සාධක පහසුකම් | ||
XXIII | ඇතැම් වර්ගවල ලෙඩ රෝගවලින් පෙලෙන රජයේ නිලධරයන්ට විශේෂ අනුග්‍රහ සහ ඒ පිළිබඳ කොන්දේසි | 2019 | 23/2019 |
XXIV | වැටුප් ණය සහ අත්තිකාරම් | 2012 | 08/2005(IX) |
2013 | 08/2005(X) | ||
2015 | 07/2015, 21/2015 | ||
2016 | 09/2016 | ||
2017 | 20/2017 | ||
XXV | වෘත්තීය සංගම්වල සාමාජිකයන්ට අනුග්‍රහ | ||
XXVI | නිලධරයන්ගේ කායික යෝග්‍යතාව පිළිබඳ වෛද්‍ය පරීක්ෂණය සහ වෛද්‍ය උපචාරය | ||
XXVII | ලිපි ගනුදෙනු කිරීමේ මාර්ග | ||
XXVIII | පරිපාලන කාර්ය පරිපාටි සහ විධි | 2013 | 24/2013 |
2019 | 06/2019 | ||
XXIX | ඉඩම් අත්කර ගැනීම, ආයෝජන හා උකස් | ||
XXX | රජයේ නිලධරයන් සම්බන්ධයෙන් ආණ්ඩුව සතු බලතල | ||
XXXI | සමිති සමාගම් පවත්වාගෙන යාමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම් භුක්ති විඳීම | 2019 | 06/2019 |
XXXII | දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම | 2016 | 19/2016 |
2017 | 19/2016(I) | ||
2019 | 05/2019, 22/2019, 32/2019 | ||
2021 | 12/2021 | ||
XXXIII | නීති උපදෙස් හා නීති ක්‍රියා මාර්ග | ||
XXXVI | රජයේ නිලධරයන්ගේ ශුභ සාධක සංගම්වලට රජයේ නිලධරයන් මුදාහැරීම |
පරිශිෂ්ට
පරිශිෂ්ට අංකය | ශීර්ෂය | රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සංශෝධන | |
වර්ෂය | චක්‍රලේඛ අංකය | ||
1 | දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ ලැයිස්තුව | 2016 | 02/2016 |
27 | බැංකුව විසින් ණය මුදල නිදහස් කළ බව අදාළ අමාත්‍යාංශයට/දෙපාර්තමේන්තුවට දැන්විය යුතු ආකාරය | 2012 | 08/2005(IX) |
33 | උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන රජයේ නිලධරයෙකු සමග වැටුප් රහිත නිවාඩු ලබා යන රජයේ සේවයේ නියුතු කලත්‍රයා අත්සන් කළ යුතු ගිවිසුමේ ආකෘතිය | 2016 | 07/2016 |
28 | ණය ලබා ගත හැකි බැංකු නාමලේඛනය | 2012 | 08/2005(IX) |
II වැනි කාණ්ඩය
1999 වර්ෂයේ නිකුත් කරන ලද ආයතන සංග්‍රහය
1999.11.01 දින සිට බලාත්මක වන පරිදි 1999 වර්ෂයේ නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයට එදින සිට 2019.12.31 දින දක්වා අමාත්‍ය මණ්ඩල තීරණ අනුව සිදු කරන ලද සංශෝධන ඇතුළත් කරමින් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ඇතුළත් කර ඇති සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් ම සකස් කළ මෘදු පිටපත් (soft copy) මෙමඟින් බාගත කර ගත හැකි ය.
ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVII හා XLVIII වැනි පරිච්ඡේදයන්හි ඇතුළත් උප වගන්තීන්ට අදාළව චක්‍රලේඛ මඟින් සිදු කරන ලද සංශෝධනයන් එම උප වගන්තිය ඉදිරියෙන් යොමුවක් (link) මඟින් දක්වා ඇති අතර, එම යොමුව හරහා සංශෝධිත විධිවිධාන ඇතුළත් චක්‍රලේඛය වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවතී.
- සිංහල මාධ්‍ය මෘදු පිටපත බාගත කර ගැනීම
[ PDF - 1.00 MB ] - දෙමළ මාධ්‍ය මෘදු පිටපත බාගත කර ගැනීම
[ PDF - 13.4 MB ] - ඉංග්‍රීසි මාධ්‍ය මෘදු පිටපත බාගත කර ගැනීම
[ PDF - 13.7 MB ]
1999.11.01 දිනෙන් පසුව ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ විධිවිධාන සංශෝධනය කරමින් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, චක්‍රලේඛ නිකුත් කර ඇති වර්ෂ අනුව
පරිච්ඡේද
පරිච්ඡේද අංකය | ශීර්ෂය | රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සංශෝධන | ||
වර්ෂය | චක්‍රලේඛ අංකය | සංශෝධිත උප වගන්ති | ||
XLVII | සාමාන්‍ය හැසිරීම හා විනය | 2015 | 04/2015 | 6, 7 |
2016 | 04/2016(L) | 3 | ||
2022 | 04/2022(L) | 6,7 | ||
XLVIII | විනය කාර්ය පරිපාටිය පිළිබඳ රීති | 2004 | 06/2004 | 19:5, 22:1:1, 27:10:1,27:10:2 31:12:1 |
2010 | 07/2010 | 19:4, 19:5 | ||
2011 | 06/2004(I) | 22:1:1 | ||
29/2011 | 24:3:14, 24:3:15 | |||
2012 | 29/2011(I) | 24:3:14,24:3:15 | ||
2013 | 18/2013 | 24:6 36:7,23:9, 27:10 | ||
2017 | 05/2017 | 26:3:1 | ||
10/2017 | 1:1:1, 1:1:2 | |||
28/2017 | 24:3:5 | |||
29/2011(II) | 24:3:14,24:3:15 | |||
2019 | 08/2019 | 36:8 | ||
27/2019 | 27:10:1, 27:10:2 | |||
30/2019 | 13:2, 21:2, 22:1:1, 14:12 | |||
2022 | 01/2022 | 13:2 14:12,21:2, 22:1:1 |
* ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ රජයේ නිලධරයන් විසින් සිදු කළ හැකි වරදවල් සම්බන්ධ පළමුවන උප ලේඛනය, දෙවන උප ලේඛනය හා පරිශිෂ්ට ලැයිස්තුවට සංශෝධනයන් සිදු කර නොමැත.