Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

අමාත්‍යාංශයේ කාර්යයසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම් - 2014 සඳහා "අප පිළිබඳ" පිටුව බලන්න

Performance Report & Annual Accounts of the Ministry for Year 2014- Please see "About Us"

ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථා සංග්‍රහය ක්‍රියාත්මක කිරීම - චක්‍රලේඛ හෝ ශ්‍රි ලංකා පරිපාලන සේවයේ පිටුව වෙත පිවිසෙන්න

Implementation of the Minute of Sri Lanka Administrative Service. Please see Circular or SLAS page

Process of approving for annual salary increment of SLAS Special Grade and Grade I Officers-Please see SLAS page

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ විශේෂ හා 1 ශ්‍රේණිවල නිලධාරීන්ගේ වාර්ෂික වැටුප් වර්ධක අනුමත කිරීම් ක්‍රියාපිළිවල - ශ්‍රි ලංකා පරිපාලන සේවයේ පිටුව වෙත පිවිසෙන්න

ඔබ මෙතනයි:  මුල් පිටුව සේවා ඒකාබද්ධ සේවා කාර්යාල සේවක සේවය

කාර්යාල සේවක සේවය

අංක 1258/20 හා 2002.10.18 දිනැති සේවා ව්‍යවස්ථාව 2001.11.26 දින සිට ක්‍රියාත්මක වේ.

බඳවා ගැනිම

කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ හා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව, දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් බඳවා ගැනීම් සිදු කරනු ලබයි.

සුදුසුකම්

  • අයදුම්පත් භාර ගන්නා දිනට වයස අවුරුදු 18ට වැඩි හා 45ට අඩු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.
  • අ.පො.ස. සා/පෙළ විභාගයෙන් එකවරක දී විෂයන් 06ක් සම්මාන 02ක් සහිතව සමත් වී තිබිය යුතුය.

සේවය ස්ථීර කිරීම.

සේවය ස්ථීර කිරීම සඳහා III හා II පන්තියට බඳවා ගනු ලබන සේවකයන් විසින් වසර 03ක් ඉක්මවීමට ප්‍රථම කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයෙන් සමත් විය යුතුය.

මෙම පරීක්ෂණය දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් පවත්වනු ලැබේ.

උසස් කිරීම.

අදාළ සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු නියමිත ආකෘති පත්‍රය මගින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින්, අමාත්‍යාංශ ලේකම් මගින් නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අධ්‍යක්ෂ ජනරාල් විසින් උසස්වීම් ලිපි නිකුත් කරනු ලැබේ.

II පන්තියට උසස් කිරීම.

III පන්තියේ වසර 06ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරනු ලබන නිලධාරීන් II පන්තියට උසස් කරනු ලැබේ.

අවශ්‍ය සුදුසුකම්

  • උසස්වීම් දිනට පූර්වාසන්න වසර 5 තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක සියල්ල උපයාගෙන තිබීම.
  • උසස්වීම් දිනට පූර්වාසන්න වසර 2 තුළ වැටුප් රහිත හෝ අඩ වැටුප් සහිත නිවාඩු ලබා නොතිබීම.

 

2001.11.26 දිනට ප්‍රථම III පන්තියේ වසර 06ක සේවා කාලයක් සම්පූර්ණ කරන නිලධාරීන් සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන 2001.11.26 දිනට ඉහත සුදුසුකම් සපුරා ඇත්නම්, එදිනට II පන්තිට උසස් කිරීම මත අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

I පන්තියට උසස් කිරීම.

II පන්තියේ වසර 10ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරනු ලබන නිලධාරීන් I පන්තියට උසස් කරනු ලැබේ.

අවශ්‍ය සුදුසුකම්

  • උසස්වීම් දිනට පූර්වාසන්න වසර 5 තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක සියල්ල උපයාගෙන තිබීම.
  • උසස්වීම් දිනට පූර්වාසන්න වසර 2 තුළ වැටුප් රහිත හෝ අඩ වැටුප් සහිත නිවාඩු ලබා නොතිබීම.

 

‍2001.11.26 දිනට ප්‍රථම ඓඓ පන්තියේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කරන නිලධාරීන් සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන 2001.11.26 දිනට ඉහත සුදුසුකම් සපුරා ඇත්නම්, එදිනට ඓ පන්තිට උසස් කිරීම මත අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

සතුටුදායක සේවා කාලය අර්ථ කථනය

උසස්වීම් ඉල්ලුම්කරන දිනට පූර්වාසන්න වසර 5 තුළ කළ වරදකට (අවවාද කිරීමකට හැර) දඬුවම් ලබා නැත්තා වූ නිලධාරියකු සතුටු දායක සේවා කාලයක් සම්පූර්ණ කළා සේ සැලකේ.

රාජකාරී පැවරීම.

  1. අදාල සේවා අවශ්‍යතාවය, ජ්‍යෙෂ්ඨත්ව හා පළපුරුද්ද පදනම් කරගෙන දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් රාජකාරී පවරා දෙනු ලැබේ.
  2. උසස්වීම් ලබා දෙනුයේ පුරප්පාඩු සඳහා නොවන බැවින්, එම පන්තියේ රාජකාරී පැවරීමට නොහැකි අවස්ථාවලදී වෙනත් පන්තියට අයත් තනතුරක රජකාරී යෙදවීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට බලය ඇත.

ස්ථාන මාරු කිරීම.

පහත පරිදි සිදු කරනු ලබයි.

  1. අමාත්‍යාංශ අතර ස්ථාන මාරු කිරීම අධ්‍යක්ෂ ජනරාල් විසින්
  2. එකම අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු අතර ස්ථාන මාරු කිරීම් අධ්‍යක්ෂ ජනරාල්ට දැනුම් ‍දෙමින්, අමාත්‍යාංශ ලේකම් විසින්
  3. එකම දෙපාර්තමේන්තුවක් තුළ ස්ථාන මාරු කිරීම අධ්‍යක්ෂ ජනරාල්ට දැනුම් ‍දෙමින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින්

එක්, එක් ශ්‍රේණියට අදාල තනතුරු

I ශ්‍රේණිය දුරකථන ක්‍රියාකරු
ලේඛන භාරකරු
පොත් බඳින්නා
අනුපිටපත් යන්ත්‍ර ක්‍රියාකරු
‍ඡායා පිටපත් යන්ත්‍ර ක්‍රියාකරු
II ශ්‍රේණිය කාර්යාල කාර්ය සහායක
බයිසිකල් පණිවුඩකරු
පණිවුඩකරු
III ශ්‍රේණිය කාර්යාල කම්කරු
අමදින්නා
උද්‍යාන කම්කරු
කාර්යාල මුරකරු
සනීපාරක්ෂක කම්කරු

කාර්යාල සේවක සේවයේ සේවා ව්‍යවස්ථාවන් හා අදාල චක්‍රලේඛ

වර්ථමාන සේවා ව්‍යවස්ථාව
එකාර්යාල සේවක සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය - අංක 1777/35 - 2012.09.27
[ 130 KB ]
එකාර්යාල සේවක සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය (සංශෝධන අංක 01) - අංක 1820/4 - 2013.07.23 [ 50 KB ]
පූර්ව සේවා ව්‍යවස්ථාවන්
කාර්යාල සේවක සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහය - අංක 14,811/7 - 1968.07.26

කාර්යාල සේවක සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය - අංක 660/10 - 1991.05.03
කාර්යාල සේවක සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය
(අංක 660/10 ව්‍යවස්ථාවට සංශෝධනයකි)
- අංක 722/16 - 1992.07.08

කාර්යාල සේවක සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය - අංක 1229/17 - 2002.03.30
කාර්යාල සේවක සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය අංක 1258/20 2002.10.18

අදාල චක්‍රලේඛ

තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත බඳවා ගන්නා ලද සේවකයන් ස්ථීර කිරීම සම්බන්ධව

 

යාවත්කාලීනය : 28-08-2015.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter
කතුහිමිකම © 2015 රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.