Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

2015 දී පංච බලකේන්ද්‍රීය ආයතන ඔස්සේ රාජ්‍ය සේවයේ නව ප්‍රතිසංස්කරණ රැසක්

නවක නිලධාරීන් 88 දෙනෙකු සදහා සහකාර ප්‍රාදේශිය ලේකම් තනතුරු

ශ්‍රි ලංකාව ඊ-විශ්‍රාම ව්‍යාපෘතිය දියත් කරයි

රාජ්‍ය නිලධාරීන්ගේ සේවය දීර්ඝකිරීම ඉවත්කර නැත.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ජංගම සේවයක් අරඹයි

ඔබ මෙතනයි:  මුල් පිටුව සේවා දීප ව්‍යාප්ත සේවා ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය

සේවක සංඛ්‍යාව :- 1061

බඳවා ගැනීම

විවෘත බඳවා ගැනීම - (වෘත්තීය සුදුසුකම් ලත් ඉංජිනේරුවන් සඳහා පමණි)

අධ්‍යාපන සුදුසුකම්

  • විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක එම කොමිෂන් සභාව විසින් පිළිගනු ලැබ ඇති වසර 04 ක පූර්ණ කාලීන විද්‍යාවේදී ඉංජිනේරු උපාධි පාඨමාලාව බඳවාගනු ලබන විෂය ධාරාවක් යටතේ සාර්ථකව සම්පූර්ණ කර උපාධිය ලබා තිබීම.
  • ඉහත (i)හි දැක්වෙන උපාධි පාඨමාලාවට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබූ අධ්‍යයන සහ අනිකුත් සියළු අවශ්‍යතා බඳවාගනු ලබන විෂය ධාරාවක් යටතේ සම්පූර්ණ කර ඊට අදාල වලංගු සහතිකය ලබා තිබීම.

වෘත්තීය සුදුසුකම්

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගත් අධ්‍යයන අවශ්‍යතා සම්පූර්ණ කර එහි ආශ්‍රිත සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් සපුරා තිබෙන බව සනාථ කිරීමට එම ආයතනය විසින් නිකුත් කරනු ලබන සහතිකයක් ලබාතිබීම.

සීමිත බඳවා ගැනීම

  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර සේවයට අයත් නිළධාරියෙකු ලෙස වසර 15 කට නොඅඩු සේවා කාලයක් සහිතව, ඉන් අවම වශයෙන් වසර 05 ක් එම සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලැබ සේවය කර තිබීම සහ විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ කාර්මික විභාගය සම්පූර්ණයෙන්ම සමත්වීම.
  • දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ තනතුරක සේවය කරනු ලබන නිලධාරියෙකු, එම දෙපාර්තමේන්තුවේ වසර 15 කට නොඅඩු සේවා කාලයක් සහිතව, ඉන් අවම වශයෙන් වසර 05 ක් එම සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලැබ සේවය කර තිබීම.,
  • ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිළධාරියෙකු ලෙස වසර 15 කට නොඅඩු සේවා කාලයක් සහිතව, ඉන් අවම වශයෙන් වසර 05 ක් එම සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලැබ සේවය කර තිබීම සහ විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන රජයේ කාර්මික නිළධාරින් සඳහා වන තුන්වන විභාගය (1979 ව්‍යවස්ථාව) සම්පූර්ණයෙන් සමත්වීම.
  • ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිළධාරියෙකු ලෙස වසර 21 කට නොඅඩු සේවා කාලයක් සහිතව එම සේවයේ විශේෂ ශ්‍රේණියට උසස්කර තිබීම සහ එම සේවයේ I ශ්‍රේණියේ වසර 05 ක් සේවය කර තිබීම, සහ විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන රජයේ කාර්මික නිළධාරින් සඳහා වන දෙවන විභාගය (1979 ව්‍යවස්ථාව) සම්පූර්ණයෙන් සමත්වී තිබීම .
අවසන් යාවත්කාලීන කිරීම 2012 අප්‍රේල් 23 වෙනි සදුදා, 03:57  

යාවත්කාලීනය : 20-05-2013.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter
කතුහිමිකම © 2013 රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.