සේවක සංඛ්‍යාව - 205
බඳවා ගැනීම
රජයේ භාෂා පරිවර්තක සේවයට බඳවා ගැනීම සිදු කරන අතර එසේ බඳවා ගනු ලබන්නේ ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව / කැබිනට් මණ්ඩලය වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වන තරඟ විභාගයක ප්‍රතිඵල මත සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුසුකම් ලත් අය පමණි. රජයේ භාෂා පරිවර්තක සේවයේ I වන පන්තියේ පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාවෙන් 75% ක් I වන පන්තියටද, විශේෂ පන්තියේ පුරප්පාඩු වලින් 60% කට නොවැඩි ප්‍රමාණයක් විශේෂ පන්තියට ද බඳවා ගනු ලැබේ.
ඉල්ලුම් කිරීම
රජයේ ගැසට් පත්‍රයේ විභාග නිවේදනයක් මගින් බඳවා ගැනීමට විභාගයට ඉල්ලුම් කරන ආකාරය පිළිබඳව පළ කරනු ලැබේ.
සේවය සඳහා අවම සුදුසුකම්
I වන පන්තියට - ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය, අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ඇති මාසයට පුර්වාසන්නවු මාසයේ අවසාන දිනය වන විට අවුරුදු 21ට එළඹ ඇති හා අවුරුදු 40ට එළඹ නොමැති විය යුතුය, (රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර නිළධාරීන් හට වයස් සීමාව බල නොපානු ඇත.), පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් හෝ නීතිඥ විභාගය හෝ පිළිගත් කාර්මික විද්‍යාලයක හෝ බහු තාක්ෂණික ආයතනයක වාණිජ විද්‍යා ඩිප්ලෝමා සහතිකය හෝ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා උසස් සහතිකය හෝ මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා සහතිකය සමත් වීම, අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස අ.පො.ස. (සා.පෙළ) හෝ ඊට සමාන විභාගයක දී දෙවැනි භාෂාවට සම්මාන සාමාර්ථයක් හෝ දෙවැනි භාෂාව පිළිබඳව පිළිගත හැකි ඊට උසස් සුදුසුකමක් සමඟ පළමු භාෂාවට සම්මානයක් තිබීම.
විශේෂ පන්තියට
භාෂා පරිවර්තක ඕනෑම ශ්‍රේණියක ස්ථිර කළ වසර 08 ක සතුටුදායක සේවා කාලයක් සපුරා තිබීම
සේවා ව්‍යවස්ථාවන් හා අදාල චක්‍රලේඛ
| වර්ථමාන සේවා ව්‍යවස්ථාව | ||||||
| භාෂා පරිවර්තක සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහය | - | අංක 829/7 | - | 1994.07.26 | [ 135 KB ] |
|
| භා.ප.සේ. පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහය - සංශෝධන අංක 1 | අංක 1594/2 | - |
2009.03.23 | [ 418 KB ] |
||
| පූර්ව සේවා ව්‍යවස්ථාවන් |
||||||
| භාෂා පරිවර්තක සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහය | - | අංක 15,011/2 | - | 1972.05.20 | ||
| භාෂා පරිවර්තක සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහය | - | අංක 249/15 | - | 1983.06.14 | ||
අදාල චක්‍රලේඛ
භාෂා පරිවර්තක සේවයේ II පන්තිය අහෝසි කිරීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2002
















