මෙරට කොරියාණු තානාපති වූන්ජින් ජියෝන්ග් මහාත හා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර හමුවක් අමාත්‍යවරයාගේ නිළ නිවසේදී පසුගියදා සිදුවිය.කොරියන් රජයේ ණය හා ආධාර යටතේ පළාත් පාලන අයාතන මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහන් වල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මෙහිදී කරුණු හුවමාරු වූ අතර ඉදිරියේදී කොරියාණු රජය මෙම ක්ෂේත්රයේ උන්නතියට ලබා දීමට නියමිත සහය සම්බන්ධයෙන්ද තනාපතිවරයා මෙහිදි අමාත්‍යවරයා දැනුවත් කලාය.