Tamil (Sri Lanka)English (United Kingdom)
Public Admin News

පුවත් සිරස්තල

ඔබ මෙතනයි:  මුල් පිටුව සේවා දීප ව්‍යාප්ත සේවා ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය

මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය උපරිමව පවත්වා ගනිමින් වගකීම් හා වගවීම් සුරක්ෂිත කිරීම පිණිස නෛසර්ගික පෙළඹවීමක් සහිතව කටයුතු කරන පරිපූර්ණ වෘත්තීයවේදියෙකු බිහි කිරීම සඳහාශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයට අදාළ ව අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පනවනු ලබන සියලුම ප්‍රතිපත්ති ලේකම්තුමාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවා අංශය මඟින්ක්‍ රියාත්මක කරනු ලබයි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයේ ඉතිහාසය

දෙවන ලෝක යුද සමයේ රාජ්‍ය අංශයේ සිදු වූ රාජකාරී වපසරිය පුළුල් වීම, අත්තිකාරම් ගිණුම් කටයුතු ඉහළයාම හා ගිණුම් ක්‍රමවේද තහවුරු කිරීමේ අවශ්‍යතාවය මත 1946 වසරේ දී ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය ආරම්භ වී ඇති බව ඉතිහාසගත තොරතුරු සාක්ෂි සපයයි. අනතුරු ව රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවන වෙනස්කම්වලට උරදෙමින් ගණකාධිකාරී සේවාව ද පරිණාමය වෙමින් වර්තමානය දක්වා පැමිණ ඇත. එම ගමන් මගෙහි විවධ අවස්ථාවල සේවාවේ පරිපාලන මධ්‍යස්ථානය වරින් වර වෙනස් වී ඇත.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ගණකාධිකාරී සේවා අංශය 2015.06.18 දින සිට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය යටතට පත් කළ බැවින් වර්තමානයේ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවාව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පරිපාලනය වේ.

දීප ව්‍යාප්ත සේවාවක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවාවේ නිලධාරීන් දිවයින පුරාම සේවයේ නිරතව සිටියි. එම නිලධාරීන් ස්වයං පාලිත විචක්ෂණශීලී හා වෘත්තීය නිපුණතා සපිරි නිලධාරීන්ගෙන් සමන්විත කරලීම රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ,ගණකාධිකාරී සේවා අංශයේ වගකීම වේ. ඒ වෙනුවෙන් ඉදිරියේදී පහත සදහන් පරිදි සංවර්ධන හා පුහුණු කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂිත ය.

  • ගණකාධිකාරීවරුන් මුල්‍යය කළමනාකරණයේ නිරතවන්නන් වන බැවින් ස්වයං පාලනයක්(self governance) වෙත වැඩි අවධානය යොමු කරවමින් ඊට අදාළ ආකල්පමය සංවර්ධනයක් ගොඩනැගීම ( SLIDA හෝ වෙන ආයතනයක් යටතේ)
  • විනය ගැටළු අවම වන පරිදි අභිමානවත්ව රාජකාරී ඉටුකිරීම උදෙසා අවශ්‍ය දැනුම හා ආකල්ප නිලධාරීන් තුළ ගොඩනැංවීම
  • ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරියකු සමන්විය යුතු නිපුනතාවයන් හඳුනාගෙන එම නිපුණතා සාක්ෂාත් කරගනුවස් විධිමත් දෙස් විදෙස් පුහුණුව කරා ඔවුන් යොමු කිරීම
  • කාලීන අවශ්‍යතා හදුනාගනිමින් ගණකාධිකාරීවරුන් ධාරිතා සංවර්ධන වැඩසටහන්වලට (Capacity Building) සහභාගී කරවීම
  • සංවර්ධන කාර්යයන්හි සාර්ථකත්වය උදෙසා නිවරැදි මූල්‍ය පුරෝකථනයන් ඉතා වැදගත් වන බැවින් ඒ ආශ්‍රිත පර්යේෂණ සිදු කිරීම පිණිස නිලධාරීන් අභිප්‍රේරණය කිරීම, පර්යේෂණ පසුබිමක් ගොඩනැගීම හා ඒවායේ ප්‍රතිඵල භාවිතයට ගැනීම
  • ගණකාධිකාරීවරුන් වෘත්තීයවේදින් දක්වා සංවර්ධනය කිරීමට අවශ්‍ය උපායමාර්ග සකස් කිරීම සේවා

 

සේවා ව්‍යවස්ථාව

වත්මන් ගණකාධිකාරී සේවයේ නිලධාරීන් සංඛ්‍යව

 

ශ්‍රේණිය

නිලධාරීන් සංඛ්‍යාව

අනුමත තනතුරු සංඛ්‍යාව 2015.12.31 දිනට

විශේෂ ශ්‍රේණිය

31

46

I

587

400

II හා III

948

1375

එකතුව

1566

1821

 

සේවා ව්‍යවස්ථාව හා අදාල චක්‍රලේඛ

  • වර්තමාන සේවා ව්‍යවසථාව

.

අප අමතන්න

දමයන්ති විජේසිංහ මිය
අධ්‍යක්ෂ
දුරකථනය : +94 11 2698672 (දිගුව -280)
ෆැක්ස් : +94 11 2698672
ඉ-තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

.

.

අවසන් යාවත්කාලීන කිරීම 2017 අප්‍රේල් 18 වෙනි අඟහරුවාදා, 03:57  

යාවත්කාලීනය : 20-07-2017.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter