මූල්‍ය වාර්තාකරණ ශාඛාව
අමාත්‍යාංශය සම්බන්ධයෙන් වන වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම හා සියලුම මූල්‍ය වාර්තා සකස් කිරිමේ කටයුතු සිදු කිරීම.
මූල්‍ය වාර්තාකරණ ශාඛාව ගණකාධිකාරි මූල්‍ය වාර්තාකරණගේ අධීක්ෂණය යටතේ ශාඛා ප්‍රධානීවරයා හා විෂය කටයුතු භාරව සංවර්ධන නිලධාරින් දෙදෙනෙක් රාජ්‍ය කළමනාකරණ නිළධාරින් නම දෙනෙක් සහ එක් කාර්යාල කාර්ය සහායක නිළධාරිනියකගෙන් සමන්විත වේ.
ප්‍රධාන කාර්යයන්
- අමාත්‍යාංශයේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරිම
- විසර්ජන ගිණුම හා උපචිත පදනම මත ගිණුම පිළියෙල කිරීම
- අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා වාර්ෂික ගිණුම් වාර්තාව සකස් කිරීම
- ආදායම් ශීර්ෂ 20.02.01.01 රජයේ ගොඩනැගිලි කුලී ආදායම් පිළිබඳ වාර්ෂික ගිණුම පිළියෙල කර විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම, අර්ධ වාර්ෂිකව හිග ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම ආදායම් ඇස්තමේන්තු සැකසීම, නිවාස කුලී එකතු වීම් අධීක්ෂණය
- විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම හා රාජ්‍ය ගිණුම් කාරක සභා විමසිම් සම්බන්ධ කටයුතු කිරීම
- ස්ථාවර වත්කම් ලේඛන යාවත්කාලීනව පවත්වාගෙන යාම
- වි.වැ.දෙ හා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ මූල්‍ය කටයුතු අධීක්ෂණය
- හානි හා ලියා අස්කිරීම් ලේඛනය සම්බන්ධ කටයුතු
ආදායම් ශීර්ෂ අංක 20.02.01.01 රජයේ ගොඩනැගිලි කුලී ආදායම් ගණන් දීමේ නිලධාරී ලෙස 2015.01.01 දින සිට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කටයුතු කරන බැවින් රජයේ ගොඩනැගිලි කුලී ආදායම් සම්බන්ධයෙන් පහත කටයුතු මෙම අංශය මඟින් සිදු කරයි.
- ආදායම් ඇස්තමේන්තු සැකසීම
- ආදායම රැස් කිරීම
- ආදායම් ගිණුම පිළියෙල කිරීම
- ආදායම් කපාහැරීම් / ආපසු ගෙවීම් නිර්දේශ කිරීම
- හිග ආදායම රැස් කිරීම් සම්බන්ධ අධීක්ෂණ කටයුතු
- රජයේ ගොඩනැගිලි පිළිබඳ තොරතුරු රැස්කිරීම