පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යවරයා මුනගැසේ.....
පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්ට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පසුගියදා (03දා) පෙරවරුවේ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාව එම අමාත්‍යංශයේදී මුනගැසුණි.මෙම හමුවේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සහයෝගීතාව වර්ධනය කිරීම, අනාවරණය නොකරන වත්කම් පිළිබඳ නීති හඳුන්වාදීමේ වැදගත්කම මෙන්ම කාලගුණික විපර්යාශ සම්බන්ධයෙන් සංවිධානයක් ලෙස කටයුතු කල යුතු ආකාරය ආදී කරුණු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්කෙරුණි.එමෙන්ම මේ වන විට රටක් ලෙස ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා මහ ලේකම්වරිය දැනුවත් කල අතර ශ්‍රී ලංකාව මෙම අංශයන්ගෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ තමා අතිශය සතුටට පත්වන බවද ස්කොට්ලන්ඩ් මහත්මිය පැවසීය.මෙම අවස්තාවට අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාද එක්විය.