Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

You are here:  Home News headline පොලීසිය තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට හා ක්‍රමවත් මහජන ආරක්ෂාක පද්ධතියක් ඇතිකිරීමට ඔස්ට්‍රියා රජයේ සහය පලවේ...........

පොලීසිය තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට හා ක්‍රමවත් මහජන ආරක්ෂාක පද්ධතියක් ඇතිකිරීමට ඔස්ට්‍රියා රජයේ සහය පලවේ...........

 

ශ්‍රී ලංකා පොලීසිය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම තුල වඩාත් ක්‍රමවත් මහජන ආරක්ෂක වැඩපිළිවෙලක් ඇති කරලීම වෙනුවෙන් ඔස්ට්‍රියා රජයේ සහාය පළවේ.මේ සහය පලවූයේ නවදිල්ලියේ ඕස්ට්‍රියා නියෝජ්‍ය කන්සියුලර් ක්‍රිස්ටෝප් මෙයන්බර්ග් මහතා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගියදා (23දා) එම අමාත්‍යංශයේදී මුනගැසුන අවස්තාවේදීය.අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රියාවේ කල සංචාරයේදී මේ සම්බන්ධයෙන් එරට බලධාරීන්ට අවධාරණය කොට තිබුණි.එකී ඉල්ලීමට අනුව මෙම හමුව සිදුවිය.සහනදායි ණය යෝජනා ක්‍රමයක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර අධියර කීපයක් ඔස්සේ මෙම ණය මුදල ලබා දීමට ඕස්ට්‍රියා රජය බලාපොරොත්තු වන බව මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාට අවධාරණය කරන ලදි.මෙහි පළමු අධියරේදී යූරෝ මිලියන 10 ක මුදලක් ලබා දීමට එම රජය කැමැත්ත පලකල අතර එමගින් සමස්ත බස්නාහිර පළාත ආවරණය වන පරිද්දෙන් සීසීටීවි කැමරා පද්ධති ස්ථාපනය කිරීමට යෝජන වී ඇත.මෙමගින් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට මහජන ආරක්ෂාව ලබා දීමේ ඉඩකඩ වඩාත් පුළුල් වනු ඇත.මෙහි දෙවන අධියරේදී තවත් යූරෝ මිලියන 10 ක මුදලක් ලබා දීමට බලාපොරොත්තු වන එම මුදලින් 119 හදිසි ඇමතුම් සේවාව දියුණු කිරීමට කටයුතු කෙරෙණු ඇත.

මෙයට අමතරව ඕස්ට්‍රියානු රජය හා එක්ව තවත් යුරෝ මිලියන 30ක සහණ ණයක් ස්පාඤ්ඤ රජය ලබා දීමට අපේක්ෂා කරන බවද ක්‍රිස්ටෝප් මෙයන්බර්ග් මහතා අමාත්‍යවරයා හා පැවසීය.එම මුදලින් පොලිස් සන්නිවේදන අංශය වැඩිදියුණු කිරීම ඕස්ට්‍රියිනු රජයේ අරමුණයි.

ජාත්‍යන්තර සන්නිවේදන ක්ෂේත්‍රෙය් ප්‍රබල රටක් ලෙස ඕස්ට්‍රියාව හඳුනා ගත හැකි අතර ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක ආරක්ෂක සන්නිවේදන සහකරු ලෙස කටයුතු කරන්නේද ඕස්ට්‍රියාවයි.මෙම සක්‍යතාව මත පදනම්ව මෙම සහන ණය යෝජනා ක්‍රමය මෙරටට ලබා දීමට කටයුතු කරන අතර දෙරටේ රජයන් අතර මෙම ගණුදෙණු සිදුවනු ඇත. මෙම අවස්ථාවට ඕස්ට්‍රියාවේ ග්ලෝබල් සේල්ස් ගෘෘප් හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය බර්න්ඩ් නොවැක් , අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුද සහභාගී වී සිටියහ.

Last Updated on Wednesday, 08 August 2018 04:03  

Last Update: 14-12-2018.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter