Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

You are here:  Home News headline කොළඹ නගරයේ රථ වාහන තදබදය කඩිනමින් විසඳීම පිළිබඳ කරුණු සොයා බැලේ.....

කොළඹ නගරයේ රථ වාහන තදබදය කඩිනමින් විසඳීම පිළිබඳ කරුණු සොයා බැලේ.....

 

කොළඹ නගරයේ පවතින අධික රථ වාහන තදබදයට කඩිනම් විසඳුම් සොයා ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන , කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) එම අමාත්‍යංශයේදී පැවැත්විණි.අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා , මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරිආරච්චි මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු රථ වාහන පොලිසියේ ජෞෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුනි.

මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ කොළඹ රථ වාහන පාලනය සඳහා තවත් රථ වාහන පොලිස් නිලධාරීන් 350 ක පමන හිඟයක් පවතින බවයි.දැනට සිටින රථ වාහන පොලිස් නිලධාරීන්ගේ හිඟය පිළිබඳ අවධානය ලක්කල අමාත්‍යවරයා සඳහන් කලේ වහාම මෙම හිඟය පියවීම සඳහා අවශ්‍ය වන්නාවූ පියවරයන් කඩිනමින් ගැනීමට තමන් පොලිස්පති වරයාට උපදෙස් ලබා දෙන බවයි.දිනකට කොළඹ නගරයට ටිපර් රථ පමනක් 2000 ක් පමන ප්‍රමානයක් ගමන් කරන අතර මේ තත්ත්වය හා කන්ටේනර් රථ විශාල වශයෙන් ඔරුගොඩවත්ත ප්‍රදේශය කේන්ද්‍රගත කොට ගෙන මෙහෙය වීම හේතුකොට ගෙන විශේෂයෙන් බේස්ලයින් මාර්ගය , ඉඟුරු කඩේ හන්දිය , මීගමු පාර මෙන්ම නුවර පාර කිරිබත්ගොඩ ප්‍රදේශයන්හි තද බදය අධික වන බව පැවසූ ජෞෂ්ඨ රථවාහන පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සහය ඉල්ලා සිටින ලදි.ඒ සඳහා වූ යෝජනා ඉල්ලූ විට පොලිසියේ ජෞෂ්ඨ නිලධාරීන් පෙන්වා දෙන ලද්දේ මීගමු පාරේ රථවාහන තදබදයට විකල්පයක් ලෙස ඇලකන්ද හරහා වැටී ඇති වත්තල බෝපිටිය පාරද නුවර පාරේ තදබදය අවම කරලීම සඳහා මාකොල ,බියගම මාර්ගයද නවීකරණයකට ලක් විය යුතුයි.මෙම යෝජනාව පිළිගත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බව පැවසිය.එමෙන්ම විනයගරුක රියදුරන් පිරිසක් බිහි කරලීම වෙනුවෙන් යෝජනාවූ ලකුණු අඩු කරලීමේ ක්‍රමවේදය මෙතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබඳ අමාත්‍යවරයා පොලීසියෙන් කල විමසීමේදී අනාවරණය වූයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව , උසාවිය හා පොලීසිය අතර පරිගනකගත සම්බන්ධය දුර්වල වීම බවයි.මෙකී දුර්වලතාව වහා නිවාරණය කොට අදාල ක්‍රමය බලාත්මක කිරීමට වහා ක්‍රියාත්මක වන්නැයි අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.කෙසේ වුවත් පොලීසිය සඳහන් කලේ ගෙවුණු වසර තුල රථ වාහන වැරදි සම්බන්ධයෙන් කොළඹ නගරයේදී පමනක් අයකල දඩමුදල් වල වටිනාකම රුපියල් මිලියන 278 ක් බවයි.එමෙන්ම සමස්ථ ලංකාවෙන්ම මෙවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් මිලියන 2379 ක මුදලක් ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට ශ්‍රි ලංකා පොලීසියට හැකිවූ බවද මෙහිදී අනාවරණය විය.කෙසේ වුවද අවශ්‍ය වන්නේ දඩමුදල් එකතු කිරීම නොව විනය ගරුක රියදුරන් පිරිසක් හා ක්‍රමවත් ප්‍රවාහන ක්‍රමවේදයක් ඇතිකිරීම බව පැවසූ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වන මැදි කාලින හා දිගු කාලින යෝජනා හැකි ඉක්මනින් ලබා දෙන ලෙස අදාල නිලධාරීන්ට පවසන ලදි.එසේම මෙම කටයුත්තෙදී මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට තමන් අපේක්ෂා කරන අතර ප්‍රවාහන අමාත්‍යතුමන් , මෙගා පොලිස් අමාත්‍යතුමන් සමග ඉක්මන් සාකච්ඡාවක් පවත්වන බවද පැවසීය.

Last Updated on Wednesday, 08 August 2018 04:02  

Last Update: 14-12-2018.
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Visitors Counter