දැක්ම
නිපුණ මානව සම්පත් ඇති කිරිම.
මෙහෙවර
මෙම අමාත්‍යංශයෙන් ලබාදෙනු ලබන සේවයේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාව සංවර්ධනය කරනු වස් නිපුණතාවයෙන් පිරිපුන් මානව සම්පතක් ඇති කිරීම.
අරමුණු
- රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනාගැනීම හා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා පහසුකම් සැපයීම.
- විදේශීය හා දේශීය පුහුණු අවස්ථා සාධාරණ ලෙස බෙදා හැරීම.
- රජයේ අරමුදල් ඵලදායී ලෙස භාවිත කිරීම.
- ලබා දෙනු ලබන සේවයේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාව වර්ධනය සඳහා කාර්ය මණ්ඩලය අභිප්‍රේරණය කිරීම.
කාර්යයන්
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඇතුළු මෙම අමාත්‍යංශයට අයත් නිලධාරීන්ගේ දේශීය පුහුණු පාඨමාලා ගාස්තු ගෙවීම පිලිබඳ කටයුතු කිරීම.
- පාඨමාලා ගාස්තු ගෙවිම සම්බන්ධව මුල්‍ය පාලනයක් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීම හා දත්ත පද්ධති නඩත්තු කිරීම.
- දේශීය පුහුණු අවස්ථා (කෙටි කාලීන / පශ්චාත් උපාධි / පශ්චාත් උපාධි ඩිප්ලෝමා) පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම.
- දේශීය පුහුණු ආයතන සමඟ සම්බන්ධ වී පුහුණු අවස්ථා ලබා ගැනීම.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා මෙම අමාත්‍යංශයට අයත් අනෙකුත් දෙපාර්තමේන්තු/ අයතන වලට අයත් සියලුම නිලධාරීන්ගේ රාජකාරී විදේශ නිවාඩු සම්බන්ධව කටයුතු කිරීම.
- විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් ලැබෙන දිගු කාලීන විදේශ පුහුණු සම්බන්ධව නිලධාරීන් දැනුවත් කිරීම.
- කෙටි කාලීන විදේශ පුහුණු සඳහා සුදුසු නිලධාරීන් නම් කිරීම සම්බන්ධව කටයුතු කිරීම.
- කෙටි කාලීන විදේශ පුහුණු සඳහා සුදුසු නිලධාරීන් තෝරා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු / වාර්තා සැපයීම සඳහා අවශ්‍ය දත්ත පද්ධති නඩත්තු කිරීම හා ඒ සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීම.
- නිලධාරීන් සහභාගී වී ඇති විදේශ පුහුණු පිලිබඳ තොරතුරු.
- නිලධාරීන් ගේ සුදුසුකම්. (අධ්‍යාපන, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයන්) ආදී තොරතුරු.
- ඵලදායිතා සම්මාන / කළමනාකරණ තරඟ ජයග්‍රහන ලැබූ නිලධාරීන්ගේ තොරතුරු.
- ප්‍රදායක ඒජන්සි සමඟ සම්බන්ධ වී අවශ්‍ය වාර්තා / යෝජනා සකස් කර විදේශ පුහුණු අවස්ථා ලබා ගැනීම.
- සෘජුව ලැබෙන විදේශ පුහුණු අවස්ථා පිලිබඳව ක්‍රියා කිරීම.
- විදේශ පුහුණු මඟින් නිලධාරීන් ලබා ගන්නා ලද දැනුම හා අත්දැකීම් ඔවුන් තම ආයතනයේ සංවර්ධනය සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳ පසු විපරම් කිරීම.
- මෙම අමාත්‍යංශය යටතේ සිටින සියලුම නිලධාරීන්ගේ භාෂා පුහුණු අවශ්‍යතා හඳුනා ගෙන එම අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- රියදුරන්ද ඇතුළත්ව සහාය කාර්ය මණ්ඩලයේ කුසලතා සංවර්ධනය සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- අමාත්‍යංශය යටතේ සිටින සියලුම නිලධරයන්ගේ දේශීය හා විදේශීය පුහුණු අවශ්‍යතා හදුනා ගැනීම.
සංවිධාන ව්‍යුහය
ඇමතුම් තොරතුරු
කේ.වී.පී.එම්.ජේ. ගමගේ මහත්මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
දුරකතන - +94 11-2688124 (දිගුව - 708)
ෆැක්ස් - +94 11-2698461
ඉ-තැපැල - sas-hr[at]pubad.gov.lk
.
.
කේ.ජී.අයි.එස්. ගාල්ලගේ මහත්මිය
සහකාර ලේකම්
දුරකතන - +94 11-2698464(දිගුව - 709)
ෆැක්ස් - +94 11-2698461
ඉ-තැපැල - ashr[at]pubad.gov.lk
















