මාගේ සහෝදර වැඩකරන ජනතාවනි,
අද අප භුක්තිවිදින පැය අටකට සීමාවූ වැඩ මූලික දිනයක් ලබාගැනීමට උරදුන් හා ජීවිත පරිත්‍යාග කල කම්කරු විරුවන් එදා 1886 දී ඇමරිකාවේ චිකාගෝ නගරයේදී සටන් වැද ලබාගත් ජයග්‍රහණයේ 134 වැනි සැමරුම අද දිනට යෙදී ඇත.
වෙන කවදාටත් වඩා වැඩකරන ජනතාවගේ අභිමානය මුළු ලොවම වෙලාගෙන ඇති කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කිරීම වෙනුවෙන් ඔබ මේ අවස්ථාවේදී සිදුකර ඇති කැපකිරීම් සහ සිදුකරන කැපකිරීම් මත මනාව පිළිබිඹු වන බව මාගේ විශ්වාසයයි.
ධනවාදී මූලධර්මය වැපිරීමම අරමුණ කරගනිමින්, කම්කරු ජනතාව පීඩාවට පත්කල එමෙන්ම කම්කරු ජනතාවගේ අයිතීන් කප්පාදු කල, මැයි දින සැමරුම් තහනම් කල 1980 ජූලි හා 2015-2019 අදුරු යුගත් සමාජවාදයේ සළුපිළි පොරවා කම්කරු ජනතාව ඝාතනය කල භීෂණ යුගයත් අවසන් කරමින් ස්වදේශියත්වය මුල්කර ගිනිමින් කම්කරු ජනතාවට හිතෛශී ජන නායකයෙකු ජනාධිපති වීමම වැඩකරන ජනතාව මෙම වර්ශය තුල ලැබු ජයග්‍රහණයක් ලෙස මම දකිමි.
ජනතාවගේ කුසගිනි නිවීමට උරදුන් සමස්ථ ගොවි ජනතාවත්, රට තුල පරිපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් මහජනතාව වෙත සහන සැලසීම වෙනුවෙනුත් තම දිවි දෙවෙනි කොට ක්‍රියාකරන ක්ෂේත්‍ර නිලධාරීන් හා කාර්යාල කාර්ය සේවකයාගේ සිට මාණ්ඩලික නිලධාරීන් දක්වා සමස්ථ රාජ්‍ය සේවකයින්, මෙම වෛරසය මැඩලීම සඳහා මහත් වෙහෙසක් දරන සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සිදුකරන කැපකිරීම හා ඒ සඳහා නායකත්වය හා මග පෙන්වීම සිදුකරන අතිගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් මා සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයකිනි.
එදා මෙදා තුර පැවති මැයි දින සැමරුම් සඳහා මා සමඟ විශාල කම්කරු ජනතාවක් ඊට සහභාගී වෙමින් එම මැයි රැළි අරුත් ගැනීවීමටත්, විචිත්‍රවත් කිරීමටත්, අතිසාර්ථක කරගැනීමටත් උරදුන් සේම මෙවරත් ඊටත් ඔබ්බට යමින් විශාල කම්කරු ජනතාවක් සහභාගිවීමට මා සමඟ අත්වැල් බැදගෙන සිටියත් මෙම සාහසික කොරෝනා මරුවා පැරදවීම සඳහා අප සියළු දෙනාටම අඩු වැඩි වශයෙන් කැපකිරීම් සිදුකිරීමට සිදුව ඇත. එබැවින් මෙම මැයි දින සැමරුම නිවෙස් වලට වී අධිෂ්ඨානශීලීව අනුස්මරණය කරන ලෙසත් කොරෝනා වසංගත තත්වය මැඩලීම සඳහා ස්වයං විනයකින් කටයුතු කරන ලෙසත් කාරුණකව ඉල්ලා සිටිමි.
මගේ මව්බිමට පැමිණි නොයෙකුත් අභියෝග ජාතියක් ලෙස අප ජයගත්තා සේම මෙම වසංගත තත්වය සාර්ථකව මැඩලීමෙන් පසු අධිරාජ්‍යවාදීන්ගේ අතකොලුවක් නොවී ස්වදේශිකවාදී සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගමින් මෙරට ප්රගතිශීලී ජනතාව ගොඩනගන ශක්තිමත් රජයක් තුල කම්කරු ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමටත්. ඔවුන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටීන බවටත් මම මේ මොහොතේ ප්‍රතිඥාදෙමි.
කම්කරු ජනතාවට ජය වේවා!
මගේ මව්බිමට ජය වේවා!
ජනක බණ්ඩාර තෙන්නකෝන්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහ පළාත් පාලන අමාත්‍ය