Services Divisions
විද්‍යාත්මක සේවා, වාස්තු විද්‍යාඥ සේවා හා තාක්ෂණ සේවා අංශය
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ හා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මානව සම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පැවරී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යයන් වුවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ හා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ බඳවා ගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස් වීම්, ස්ථාන මාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්‍රියාමාර්ග සිදුකරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසිනි. ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පමණක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පැවරී ඇති අතර, එම සේවයේ බඳවා ගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථානමාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්රියාවලී යන කාර්යයන් ඔවුන්ගේ ආයතනයට පවරා ඇත. 2010 වසර වන විට මෙම සේවාවන්හි අනුමත සේවක සංඛ්‍යා සහ වර්තමාන සේවක සංඛ්‍යාව පහත දැක්වෙන වගුවේ සාරාංශ කොට ඇත.
2010 දී අනුමත කාර්ය මණ්ඩලය
සේවාව | අනුමත සේවක සංඛ්‍යාව | වර්තමාන සේවක සංඛ්‍යාව |
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය | 660 | 480 |
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවය | 76 | 53 |
අරමුණු
- විද්‍යාත්මක සේවයේ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කිරීම.
- මහජනයාගේ අවශ්‍යතාව සැපිරීම සඳහා, කාර්යක්ෂම විද්‍යාත්මක සේවයක් ස්ථාපිත කිරීම.
ප්‍රධාන කාර්යයන්
උසස් වීම් ලබාදීම
- සේව්‍යයාගේ සේවා ආයතනයෙන් නිර්දේශය ලබා ගැනීම.
- රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ ලබාදීම.
කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම.
- කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම.
- උසස්වීම් ලබාදීම.
සංවිධාන ව්‍යුහය
බාගතකිරීම
- වැඩ බැලීම සඳහා / රාජකාරී ඉටුකිරීම සඳහා පත්කිරීම
[ PDF - 65 KB ] - ස්ථිර කිරීම (සේවය/ශ්‍රේණිය/තැපැල්/සේවා ප්‍රවර්ගය) (English)
[ PDF - 180 KB ] - කාර්යක්ෂමතා කඩඉම් හා භාෂා ප්රවීනතා සම්බන්ධව සහන ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් කරනු ලබන ඉල්ලීම් චක්‍රලේඛ අංක 02/2011-1
[ PDF - 243 KB ] - කාර්යක්ෂමතා කඩඉම් හා භාෂා ප්රවීනතා සම්බන්ධව සහන ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් කරනු ලබන ඉල්ලීම් චක්‍රලේඛ අංක 02/2011
[ PDF - 555 KB ] - Class1 Promotion in Sri lanka Scientific Service (English)
[ PDF - 173 KB ] - උසස් වීම ශ්‍රේණිය II (සේවය/ශ්‍රේණිය/තැපැල්/සේවා ප්‍රවර්ගය) (English)
[ PDF - 179 KB ] - විශ්‍රාම (සේවය/ශ්‍රේණිය/තැපැල්/සේවා ප්‍රවර්ගය) (English)
[ PDF - 179 KB ]
ඇමතුම් තොරතුරු
ජී.අයි.ඩී.සී. විජේසිංහ මිය අධ්යක්ෂ
|
නවාංජනී ළමාහේවා මිය සහකාර අධ්යක්ෂ
|
ක්‍රමසම්පාදන සේවා අංශය
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන්ගේ සියලුම පරිපාලනමය කටයුතු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ක්‍රමසම්පාදන සේවා අංශය මගින් සිදු කරනු ලැබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ, 1985 අප්‍රේල් මස 19 දින අංක 345/40 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද්දා වූ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රි ලංකා ක්‍රමසම්පාදන සේවය දීප ව්‍යාප්ත සේවාවෙන් ගෙන් එකකි.
ශ්‍රී ලංකාව තුළ සමාජ හා ආර්ථික සංවර්ධනයක් ඇති කරලීමේලා අපේක්ෂිත තත්වයක් අත්කර ගැනීමට අදාළ වන්නා වු වැඩසටහන් /ව්‍යාපෘති සැලසුම් කිරිම, ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම සහ ඇගයීම, දේශිය හා විදේශිය සම්පත් භාවිතය, මෙහෙයවීම සහ ජාතික හා ප්‍රාදේශිය ආර්ථිකය සම්බන්ධයෙන් වු පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම මෙම සේවාවට පැවරෙන කාර්ය භාරය වේ.
ප්‍රධාන කාර්යයන්
- බඳවා ගැනීම්
- සේවය ස්ථිර කිරිම්
- උසස් විම් ලබා දීම්
- ස්ථාන මාරු විම් ලබා දිම
- කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම්
- සේවය දීර්ඝ කිරිම් හා විශ්‍රාම ගැන්වීම
ඇමතුම් තොරතුරු
යු.පි.ඒ.ටි.ඩි. කරුණානායක මිය අධ්යක්ෂ
|
||||||||||
ක්‍රමසම්පාදන සේවා අංශය
|
|||||||
ඉංජිනේරු සේවා අංශය
දැක්ම
"දේශයට වඩා යහපත් සේවයක් ලබාදීම සඳහා තෘප්තිමත් ඉංජිනේරු සේවයක්"
මෙහෙවර
"රට වෙනුවෙන් අපේක්ෂිත කාර්යභාරය ඉටු කෙරෙන සේ තෘප්තිමත් සේවාවක් සහතික කරනු වස්, ඊට අදාළ වන්නා වූ අවධානය ලැබෙනු පිණිස, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාර රාජ්‍ය සේවයේ ඉංජිනේරු නිලධාරීන් කළමනාකරණය කිරීම"
අධ්යක්ෂ ධූරයේ කාර්යභාරය
රජයේ සේවයේ ඉංජිනේරු නිලධාරීන්ට අදාළ පහත දැක්වෙන කරුණු සම්බන්ධයේන අධ්යක්ෂ ධූරය කටයුතු කරයි.
- පත්වීම් හා උසස් වීම්
- සේවයෙන් ඉල්ලා අස්වීම
- පත්වීම ස්ථිර කිරීම
- ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා හා විදෙස් ණය ආධාර ලැබෙන ව්‍යාපෘති සඳහා සේවයෙන් නිදහස් කිරීම
- අමාත්‍යාංශ අතර ස්ථානමාරු
- විශ්‍රාම ගැනීම්
- පරිවාස කාල සීමාව දීර්ඝ කිරීම
- විනය කටයුතු
- විදෙස් ශිෂ්‍යත්ව, පුහුණු, රැකියා හෝ අධ්‍යාපනය සඳහා සේවයෙන් නිදහස් කිරීම
- වෘත්තිය සමිති වෙතින් වන නියෝජනයන්
පසුබිම
- විවිධ දෙපාර්තමේන්තු විසින් භාවිතා කරනු ලබන පරිපාටි වල සමරූපීතාවයක් නොවීය. එබැවින්, කුමන දෙපාර්තමේන්තුවක සේවය කලද, රාජ්‍ය සේවයේ සියලු ඉංජිනේරු නිලධාරීන් සඳහා සමාන කොන්දේසි අදාළ වන පරිදි ඉංජිනේරු නිලධාරීන් සඳහා වෙනම සේවයක් සැකසීමට රාජ්‍ය සේවා ඉංජිනේරු නිලධාරීන් විසින් යෝජනා කරන ලදී.
- ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ 1971.10.01 දින මධ්‍යගතව ස්ථාපිත කිරීමට පෙර රාජ්‍ය සේවයට අවශ්‍ය ඉංජිනේරුවන් අදාළ දෙපාර්තමේන්තුව විසින් තමන්ගේ අවශ්‍යතාවය පරිදි බඳවා ගනු ලැබීය.
ප්‍රතිඵල - සේවා ව්‍යවස්ථාව
- අදාළ සේවක සංගම් වලින් අදහස් විමසීමෙන් අනතුරුව රජය විසින් ලංකා ඉංජිනේරු සේවයේ කටයුතු කළමනාකරණය කිරීම උදෙසා පිහිටුවනු ලැබූ මණ්ඩලයක් හා එම මණ්ඩලයට උපදෙස් ලබාදීම සඳහා විධායක අධ්යක්ෂ ලෙස I පන්තියේ ජේයෂ්ඨ ඉංජිනේරු නිලධාරියෙකුගෙන් ද සමන්විතව, ලංකා ඉංජිනේරු සේවය සැකසීම සඳහා ව්‍යවස්ථාව අනුමත කරන ලදී.
- ලංකා ඉංජිනේරු සේවා ව්‍යවස්ථාව, ලංකා රජයේ අංක 15001/8 හා 1972, මාර්තු 14 වන අඟහරුවාදා දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද අතර (රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින්). 1971 ඔක්තෝබර් මස 1 වන ලංකා ඉංජිනේරු සේවය ස්ථාපිත කරන ලදී.
සේවය කළමනාකරණය කිරීම
- ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ සේවා ව්‍යවස්ථාවට අනුව පෙර කී මණ්ඩලය සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විතය. එම සාමාජිකයන් නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්, හා රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට අයත් නොවන ජේයෂ්ඨ වරලත් ඉංජිනේරුවන් දෙදෙනෙකි. මෙම මණ්ඩලය ඉංජිනේරු සේවා මණ්ඩලය ලෙස හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් වන දීප ව්‍යාප්ත සමාන්තර සේවා වලින් එකකි. එම ඉංජිනේරු නිලධාරීන් සඳහා පත්වීම් බලධාරියා හා විනය බලධාරියා වනුයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි.
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ ව්‍යුහය
වර්තමානයේ ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ඉංජිනේරු අංශවලට අනුව වර්ග කළ සේවා ව්‍යවස්ථාවට අන්තර්ගත විවිධ කාණ්ඩ 10කින්, එනම් සිවිල් -6, යාන්ත්‍රික-2, විදුලි-2 (ලුහු සහ බර විදුලි) කණ්ඩායම් වලින් සමන්විතය.
- මේ වන විට මුළු ඉංජිනේරු නිලධාරී සේවක සංඛ්‍යාව 1156 කි
සංවිධාන ව්‍යුහය
ඇමතුම් තොරතුරු
ඉංජි. පී.ඒ.ටී.එන්. පොන්නම්පෙරුම අධ්යක්ෂ
|
ආර්.ඒ.ටී.ආර්. රන්දෙනිය මෙය සහකාර අධ්යක්ෂ
|
ශාඛා ප්‍රධානි කේ.බී.සී.ජේ. ද සිල්වා මයා
|
|||||||
ගණකාධිකාරි සේවා අංශය
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන්ගේ සියළුම පරිපාලන කටයුතු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ගණකාධිකාරී සේවා අංශය මගින් සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ, අංක 1670/33 හා 2010 සැප්තැම්බර් 10 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබු ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රි ලංකා ගණකාධිකාරී සේවය දීප ව්‍යාප්ත සේවාවෙන් ගෙන් එකකි.
මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය උපරිමව පවත්වා ගනිමින් වගකීම් හා වගවීම් සුරක්ෂිත කිරීම පිණිස නෛසර්ගික පෙළඹවීමක් සහිතව කටයුතු කරන පරිපූර්ණ වෘත්තීයවේදියෙකු බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයට අදාළ ව අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පනවනු ලබන සියලුම ප්‍රතිපත්ති රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවා අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.
දැක්ම
"කාර්යක්ෂම හා ඵලදායී මූල්‍ය කළමනාකරණයක් සදහා ස්වයංපාලිත ගණකාධිකාරී සේවාවක්"
මෙහෙවර
"විචක්ෂණශීලී හා වෘත්තීය නිපුණතා සපිරි නිලධාරීන් පිරිසක් බිහි කිරීමට අවශ්‍ය ආකල්පමය සංවර්ධනයක් සිදු කිරීම සදහා දෙස් විදෙස් පුහුණුවට හා ධාරිතා සංවර්ධන වැඩසටහන්වලට නිලධාරීන් යොමු කර මූල්‍යකරණ ක්ෂේත්රය ආශ්රිත පර්යේෂණ පසුබිමක් ගොඩනගා ඒවායේ ප්‍රතිඵල භාවිතයට ගැනීමට ගණකාධිකාරීවරුන් උනන්දු කිරීමට අවශ්‍ය උපායමාර්ග සකස් කිරීම"
අරමුණ
මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය උපරිමව පවත්වා ගනිමින් වගකීම් හා වගවීම් සුරක්ෂිත කිරීම පිණිස නෛසර්ගික පෙළඹවීමක් සහිතව කටයුතු කරන පරිපූර්ණ වෘත්තීයවේදියෙකු බිහි කිරීම.
පසුබිම
දෙවන ලෝක යුද සමයේ රාජ්‍ය අංශයේ සිදු වූ රාජකාරී වපසරිය පුළුල් වීම, අත්තිකාරම් ගිණුම් කටයුතු ඉහළයාම හා ගිණුම් ක්‍රමවේද තහවුරු කිරීමේ අවශ්‍යතාවය මත 1946 වසරේ දී ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය ආරම්භ වී ඇති බව ඉතිහාසගත තොරතුරු සාක්ෂි සපයයි. අනතුරු ව රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවන වෙනස්කම්වලට උරදෙමින් ගණකාධිකාරී සේවාව ද පරිණාමය වෙමින් වර්තමානය දක්වා පැමිණ ඇත.
ගණකාධිකාරී සේවා අංශයේ ප්‍රධාන කාර්යයන්
- බඳවා ගැනීම්
- සේවය ස්ථිර කිරිම්
- ස්ථාන මාරු විම් ලබා දිම
- ප්‍රතිඵල සනාථ කරගැනීම සඳහා සහතික විභාග දෙපාර්තමේන්තුව හා විශ්ව විද්‍යාලයන් වෙත යොමු කිරීම
- කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම්
- උසස්වීම් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ සැපයීම
- යම් තනතුරක වැඩ බැලීම සඳහා අදාළ නිර්දේශ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත සැපයීම
- දිවයිනෙන් පිටත ගත කිරීමට නියමිත නිවාඩු අනුමත කිරීම
- සේවය දීර්ඝ කිරිම් හා විශ්‍රාම ගැන්වීම
- ජ්‍යෙෂ්ඨතා ලේඛනය කළමනාකරණය කිරීම
- ඇබෑර්තු ලේඛනය කළමනාකරණය කිරීම
- ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ සැපයීම
- විනය කටයුතු
බඳවා ගැනීම්
- තනතුර හා ආයතන පදනම් කොට ගෙන පුරප්පාඩු හඳුනා ගැනීම
- කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
- විවෘත/සීමිත හා සෘජු පදනමින් නිලධාරීන් බඳවා ගැනීම පිණිස ගැසට් නිවේදනය පළ කිරීම
- විභාග දෙපාර්තමේන්තුව මගින් තෝරා ගැනීම් විභාග පැවැත්වීම
- සම්මුඛ පරීක්ෂණ මගින් අයදුම්කරුගේ සුදුසුකම් පරීක්ෂා තහවුරු කර ගැනීම
- රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම
සේවය ස්ථිර කිරිම්
- කාර්ය පටිපාටික රීතී සංග්‍රහයේ 05 පරිශිෂ්ඨය පරිදී වාර්ෂික සමාලෝචන වාර්තාවන් හි සහතික කළ පිටපත් දෙකක්
- ශ්‍රී.ලං.ග.සේ. සේවාරම්භක පුහුණු සහතිකයේ සහතික කළ පිටපත් දෙකක්
- වෛද්‍ය සහතිකයේ සහතික කළ පිටපත (විවෘත හා සෘජු බඳවා ගැනීම් සඳහා පමණි)
- අදාළ ලේකම්ගේ නිර්දේශය
- කාර්යක්ෂමතා කඩඉම් ප්රතිඵලවල සහතික කළ පිටපත්
- භාෂා අවශ්‍යතාවය සමත් හෝ නිදහස් බව දැක්වෙන ලේඛනවල සහතික කළ පිටපත්
- පොදු 278 දිවුරුම
- පොදු 160 සේවා ගිවිසුම
- රාජකාරී භාර ගැනීමේ ලිපිය
ස්ථාන මාරු විම් ලබා දිම
- වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම
- සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කිරිම
ප්‍රතිඵල සනාථ කරගැනීම සඳහා සහතික විභාග දෙපාර්තමේන්තුව හා විශ්ව විද්‍යාලයන් වෙත යොමු කිරීම
- අධ්‍යාපනික සහතිකවල සහතික කළ පිටපත්
- දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය
කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්විම
- විභාග දෙපාර්තමේන්තුව මගින් කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම
- කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම
උසස්වීම් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ සැපයීම
- නිසි ආකාරයෙන් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ ඊට අදාළ ඇමුණුම්
- දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හා අදාළ ලේකම්ගේ නිර්දේශය
යම් තනතුරක වැඩ බැලීම සඳහා අදාළ නිර්දේශ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත සැපයීම
- අදාළ ආකෘතිය හා ඊට අදාළ ඇමුණුම
- දෙපාර්තමේන්තු ප්‍රධානින්ගේ හා අදාළ ලේකම්ගේ නිර්දේශ
දිවයිනෙන් පිටත ගත කිරීමට නියමිත නිවාඩු අනුමත කිරීම
- නිසි අන්දමින් සම්පූර්ණ කරන ලද පොදු 126 ආකෘති පත්‍රය (පිටපත් 2)
- දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශය
- අදාල ලේකම්ගේ නිර්දේශය
විශ්‍රාම ගැනීම
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- සේවය ස්ථිර කිරීමේ ලිපිය
- අදාළ නිලධාරියාගේ ඉල්ලීම
- දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ හා අදාළ ලේකම්ගේ නිර්දේශ
- රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ ලබා දිම
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ සැපයීම
ඇමතුම් තොරතුරු
අයි.යූ.පී. ගුණවර්ධන මිය අධ්යක්ෂ
|
ඒ. ඒ. කේ. පෙරේරා මිය නියෝජ්‍ය අධ්යක්ෂ
|
පී.පී.එච්. ලියනගේ මිය සහකාර අධ්යක්ෂ
|
ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා අංශය
|
|||||||
පරිපාලන සේවා අංශය
ශ්‍රී ලංකා පරිපාලන සේවයට අදාළව අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පනවනු ලබන සියලුම ප්‍රතිපත්ති ලේකම්තුමාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පරිපාලන සේවා ශාඛාව මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.
ශාඛාව මඟින් සිදු කරනු ලබන කාර්යයන්
ප්‍රතිඵල සනාථ කරගැනීම සඳහා සහතික විභාග දෙපාර්තමේන්තුව හා විශ්ව විද්‍යාලයන් වෙත යොමු කිරීම
- අධ්‍යාපනික සහතික වල සහතික කළ පිටපත්
- දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය
ස්ථාන මාරු සඳහා අනුමැතිය ලබා දීම සහ රාජ්‍ය සේවා කොමිසම වෙත නිර්දේශ සැපයීම
- රාජ්‍ය සේවා කොමිෂන් කොමිෂන් සභාවේ කාර්යය පටිපාටික රීති සංග්‍රහයේ සඳහන් විධිවිධාන (VII හා XVIII පරිච්ඡේදයන්)
- ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය අනුව
ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාව අනුව විෂයන් හා භාෂා පිළිබඳව ප්‍රවීණතාවය ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම
කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ ගැටළු සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත නිර්දේශ සැපයීම (රා.සේ.කො. චක්‍රලේඛ 02/2011 පරිදි)
සේවයේ ස්ථිර කිරීම පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමට නිර්දේශ සැපයීම
- කාර්ය පටිපාටික රීතී සංග්‍රහයේ 05 පරිශිෂ්ඨය පරිදීවූ වාර්ෂික සමාලෝචන වාර්තාවන් හි සහතික කළ පිටපත් දෙකක්
- ශ්‍රී.ලං.ස.ප.ආ. සේවාරම්භක පුහුණු සහතිකයේ සහතික කළ පිටපත් දෙකක්
- වෛද්‍ය සහතිකයේ සහතික කළ පිටපත (විවෘත බඳවා ගැනීම් සඳහා පමණි)
- අදාළ ලේකම්ගේ නිර්දේශය
- කාර්යක්ෂමතා කඩඉම් ප්‍රතිළුල වල සහතික කළ පිටපත්
- භාෂා අවශ්‍යතාවය සමත් හෝ නිදහස් බව දැක්වෙන ලේඛන වල සහතික කළ පිටපත්
රාජකාරි භාරගැනීම පිළිබඳ විස්තර රජයේ මුද්‍රණාලයාධිපති වෙත යැවීම
- භාෂා 3න් තොරතුරු (සිංහල, දෙමළ, ඉංග්‍රිසි)
- දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය
දිවයිනෙන් පිටත ගත කිරීමට නියමිත නිවාඩු (ආයතන සංග්‍රහයේ XII 23 වගන්තිය අනුව)
- නිසි අන්දමින් සම්පූර්ණ කරන ලද පොදු 126 ආකෘති පත්‍රය (පිටපත් 2)
- දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශය
- අදාල ලේකම්ගේ නිර්දේශය
සේවා ව්‍යවස්ථාවේ සඳහන් විෂය ක්ෂේත්රයන් සඳහා විදේශ අධ්‍යයන නිවාඩු ලබා දීම (සම්පුර්ණ වැටුප් සහිත) - (ආයතන සංග්‍රහයේ XII 14 වගන්තිය අනුව)
- නිසි අන්දමින් සම්පූර්ණ කරන ලද පොදු 126 ආකෘති පත්‍රය (පිටපත් 2)
- දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශය
- අදාළ ලේකම්ගේ නිර්දේශය
- ආයතන සංග්‍රහයේ 8 වන පරිශිෂ්ඨය පරිදි වූ බැඳුම්කරයේ සහතික කළ පිටපත
- ආයතන සංග්‍රහයේ 16 වන පරිශිෂ්ඨය පරිදි වූ ගිවිසුමෙහි සහතික කළ පිටපත [රා.පරි. චක්‍රලේඛ 21/2007, 21/2007(I)]
- පාඨමාලාව සඳහා තෝරා ගත් ලිපිය
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/2007 සංශෝධිත ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ජේදයේ 10.6 වගන්තිය අනුව අතිගරු ජනාධිපතිතුමාගේ / ගරු අගමැතිතුමාගේ / ගරු ආණ්ඩුකාරතුමාගේ පූර්ව අනුමැතිය
වැටුප් රහිත විදේශ නිවාඩු (අධ්‍යයන / රක්ෂාව / අධ්‍යයන සහ රක්ෂාව) - (ආයතන සංග්‍රහයේ XII 16 වගන්තිය අනුව)
- නිසි අන්දමින් සම්පූර්ණ කරන ලද පොදු 126 ආකෘති පත්‍රය (පිටපත් 2)
- දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
- දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
- අදාළ බැඳුම්කරය
- අධ්‍යයන කටයුතු සඳහා - පරිශිෂ්ඨය 9
- රක්ෂාව සඳහා - පරිශිෂ්ඨය 10
- අධ්‍යයනය සහ රක්ෂාව සඳහා - පරිශිෂ්ඨය 11
- ආයතන සංග්‍රහයේ 12 වැනි පරිච්ජේදයේ 16.3 වගන්තිය අනුව අදාළ අමාත්‍යතුමාගේ පූර්ව අනුමැතිය
- රැකියාව, අධ්‍යනය සඳහා තෝරාගත් ලිපියෙහි සහතික කළ පිටපත්
රාජකාරි සඳහා විදේශ රටකට අනුයුක්ත කරන ලද, තනතුරේ ස්ථිර කර ඇති රාජ්‍ය නිලධාරියෙකුගේ කලත්‍රයා සඳහා වැටුප් රහිත නිවාඩු
- නිසි අන්දමින් සම්පූර්ණ කරන ලද පොදු 126 ආකෘති පත්‍රය (පිටපත් 2)
- දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
- අදාළ ලේකම්ගේ නිර්දේශය
- විවාහ සහතිකය
- රාජකාරි සඳහා විදේශයක අනුයුක්ත කිරීමට නියමිත නිලධාරියාගේ කලත්‍රයාගේ පත්වීම් ලිපියේ සහතික කළ පිටපත
සේවා ව්‍යවස්ථාවේ 12 (III) ඡේදය ප්‍රකාරව අදාළ වැටුප් පියවරේ පිහිටුවීම
- නිසි අන්දමින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
- අදාළ ලේකම්ගේ නිර්දේශය
යම් තනතුරක වැඩ බැලීම සඳහා අදාළ නිර්දේශ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත සැපයීම
- අදාළ ආකෘතිය හා ඊට අදාළ ඇමුණුව
- දෙපාර්තමේන්තු ප්‍රධානින්ගේ නිර්දේශය
- අදාළ ලේකම්ගේ නිර්දේශය
ද්විතීයනය සඳහා මුදාහැරීම පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමට නිර්දේශ සැපයීම (කාර්ය පටිපාටික රීති 143 අනුව)
- පරිපාටි නීතිවල 10 වන පරිශිෂ්ඨය ප්‍රකාරව නිසි පරිදි සම්පූර්ණ කරන ලද ආකෘතිපත්‍රය (තම කැමැත්ත මත සේවයෙන් මුදා හැරීම පිණිස අදාළ නිලධාරියාගේ ඉල්ලීම)
- පරිපාටිමය නීතිවල 11 වන පරිශිෂ්ඨය ප්‍රකාරව නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය (මුදා හැරීම සිදු කරනුයේ රජයේ අවශ්‍යතාව මත නම්)
- නිලධාරියා මුදාහැරීමට යෝජිත අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශ
- නිලධාරියා මුදාහැරීමට යෝජිත ආයතනයේ ප්‍රධානියාගේ නිර්දේශ
උසස්වීම් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ සැපයීම
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය හා ඊට අදාළ ඇමුණුම්
- දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය
- අදාළ ලේකම්ගේ නිර්දේශය
පළමු පංතියේ සහ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන්ගේ වාර්ෂික වැටුප් වර්ධක අනුමත කිරීම
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
- අදාළ ලේකම්ගේ නිර්දේශ
සේවා දීර්ඝ කිරීම් පිළිබඳව අනුමැතිය ලබා දීම
- පරිපාටි නීති වල 13 වන පරිශිෂ්ඨයේ පරිදි නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
- අදාළ ලේකම්ගේ නිර්දේශ
සේවයෙන් විශ්‍රාම ගැනීම් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමට නිර්දේශ සැපයීම
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ
- අදාළ ලේකම්ගේ නිර්දේශ
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ සැපයීම
ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුව කළමනාකරණය කිරීම
පැමිණිලි. 011-2698147, විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- විශේෂ ශ්‍රේණිය
- I ශ්‍රේණිය
- II ශ්‍රේණිය
- III ශ්‍රේණිය
ඇමතුම් තොරතුරු
එන්.එම්.එන්.ආර්.බී නවරත්න මයා අධ්යක්ෂ
|
ජී.අයි.එල්. ප්‍රනාන්දු මෙය නියෝජ්‍ය අධ්යක්ෂ
|
කේ. තිලිනි තාමරසී මෙය සහකාර අධ්යක්ෂ
|
පරිපාලන නිලධාරි
ඩී.ජී.ආර්. ලසන්ති මාලා මිය පරිපාලන නිලධාරි
|
|||||||||
පරිපාලන සේවා අංශය
|
|||||||||