අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ නව ශල්‍යගාර සංකීර්ණය ඉදිකිරීමට අවශ්‍ය සැලැස්ම අරලියගහ මන්දිරයේදී අග්‍රමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ලබාදුන් උපදෙස් අනුව, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ නිර්දේශිත ප්‍රතිපාදන යටතේ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව මිලියන 1500ක වියදමින් මෙම ශල්‍යගාර සංකීර්ණය ඉදිකිරීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ හදිසි අවස්ථාවකදී පලාත් දෙකක ජනතාවට ප්රතිලාභ සලසන අවිස්සාවෙල්ල දිස්ත්‍රික් මහ රෝහල දියුණු කිරීම තුළින් ජාතික රෝහලේ තදබදය අවම කිරීමට ද හැකි වෙන බවයි .තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ රෝහල් පරිශ්‍ර තුළ ගොඩනැගිලි ඉදි කරනවා සේම ඒ සඳහා අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ හා නවීන තාක්ෂණික උපකරණ සැපයීමද සිදුකල යුතු බවයි. එසේම එම උපකරණ ක්‍රියාත්මක කළ හැකි කාර්ය මණ්ඩලයක් ලබා දීම සඳහාද කටයුතු කල යුතු බව සඳහන් කල අග්‍රාමාත්‍යවරයා එසේ නොවුන හොත් විශාල ආයෝජනයක් සිදු කර ඉදි කරන ගොඩනැගිලි වල සැබෑ ප්‍රතිඵල මහජනතාව වෙත ලබා දීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වන බවද පැවසීය.එසේම මෙම ශල්‍යාගාර සංකීර්ණය කඩිනමින් ඉදිකර ජනතා සේවාව සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි
මාධ්‍ය ඒකකය.