අග්‍රාමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්.....
ප්‍රාදේශීය පරිපාලනය විදිමත් කිරීම කාලීන වශයෙන් සිදු විය යුතු බවත් ඒ සඳහා අත්‍යවශ්‍යම කරුණක් වන ග්‍රාම නිලධාරී හිඟය පියවීම කඩිනම් කිරිමට පියවර ගන්නා ලෙසත් රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ,අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍යංශ උසස් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකලේ එම අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ දිවයිනේ ග්‍රාම නිලධාරි වසම් රැසක වැඩ ආවරණ නිලධාරීන් සේවය කිරිම තුල අදාල සේවාවේ කාර්යක්ෂමතාවය අඩුව ඇති බවයි.එමෙන්ම 2021 වසරේ කැඳවන ලද විභාගයට අයදුම් කල විශාල තරුණ පිරිසකට මෙම පුරප්පාඩු නොපිර වීම තුල අසාධාරණයක් සිදුව ඇති බවද පෙන්වා දූන් අග්‍රාමාත්‍යවරයා මෙම බඳවා ගැනීම් කඩිනම් කිරීම සඳහා වන කටයුතු සිදු කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දෙන ලදි.එසේම ප්‍රාදේශීය පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා පහසුකම් ලබා දීම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම් අතරමග නවතා දමා ඇති බවයි.මේ සම්බන්ධයෙන් ඉක්මනින් සොයා බලා අදාල සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම සඳහා වන වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
කවර බාධක යටතේ වුවද මහජනතාව වෙත සැපයෙන රාජ්‍ය සේවාව ක්‍රමවත්ව ලබා දීම තම රජයේ අරමුණ බව සඳහන් කල අග්‍රාමාත්‍යවරයා ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවන ලෙසද නිලධාරීන්ට පැවසීය.මේ අවස්තාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
මාධ්‍ය අංශය.