76 වෙනි නිදහස් දිනය වෙනුවෙන් දේශීය වෛද්‍ය අමාත්‍යංශය , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හා එක්ව දිවයින පුරා රාජ්‍ය ආයතන ඒකරාශී කොටගෙන දියත් කෙරෙණ ඔසු පැළ සිටුවීමේ ව්‍යාපෘතියේ ආරම්භය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී අද(02දා) සිදුවිය.
මේ වැඩසටහන සමස්ථ රටම ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කිරීමට අදාල අමාත්‍යංශ කටයුතු කරන අතර මෙමගින් ඖෂධ පැළ දශ ලක්ෂයක් රෝපණය කිරීමට අපේක්ෂා කෙරේ. දේශීය ආයුර්වේද වෛද්‍ය කටයුතු වලට අවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීම සඳහා ඇතැම් ඖෂධීය ශාක මෙරටට ආනයනය කිරීමට සිදුවද පවතින ආර්ථික තත්ත්වය තුල එවැනි දෑ ආනයනය සීමා කොට ඇත.මේ නිසාම දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය යම් අර්බුදයකට ලක්ව තිබීම මත පදනම්ව මෙම වැඩසටහන දියත් කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති අතර ඉදිරියේදී රජයට අයත් වගා නොකල එහෙත් වගා කල හැකි ඉඩම් වල මෙම ඖෂධ ශාඛ රෝපණය කිරීමට එම අමාත්‍යංශය අපේක්ෂා කරයි. අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිද්දෙන් මෙම ඖෂධ පැල සිටුවීම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර සංවර්ධන නිලධාරීන් හා ආයුර්වේද සංරක්ෂණ සභා මෙහි අධීක්ෂණ කාර්යභාරය සිදුකරයි.
අග්‍රාමාත්‍යවරයා විසින් සිය අමාත්‍යංශ භූමියේ රත් හඳුන් පැලයක් රෝපණය කරමින් මෙම වැඩසටහන ආරම්භ කල අතර ඊට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ,පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන හා අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන් විසින් තවත් ඔසු පැල ගණනාවක් රෝපණය කිරීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්තාවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ නිලධාරීන් මෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තු නිධාරීන්ද එකිව සිටියහ.