රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විස්සයි විසි හතර වර්ෂය තුළ රටපුරා ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතීන් ඉටු කිරීමේ ප්රමුඛ වගකීම දැරීමට සූදානම් විය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ 2024 පළමු ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා 2024 මෙසේ රටපුරා සිදුකිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා දින කීපය තුළ අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. එම සංවර්ධන කටයුතු රටපුරා ක්‍රියාත්මක කිරීමේ ප්රමුඛ වගකීම රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ දිස්ත්රික්ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන්.ග්‍රාම නිලධාරීවරුන් සහ සංවර්ධන නිලධාරින් මගින් ගම් මට්ටම දක්වා ගමන් කිරීමට නියමිතව ඇත. ආණ්ඩුකාරවරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් පළාත් පාලන කොමසාරිස්වරුන් හ පළාත් පාලන ආයතන දක්වා ද මෙම සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වන අතර එය ජනජීවිතයේ සාධනීය වෙනසක් ඇති කිරීමට ඉවහල් වනු ඇත. එම සංවර්ධන කටයුතුවල ප්රමුඛ වගකීම ඉටුකිරීම සඳහා අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් එක්ව කටයුතු කල යුතු බවද අද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.
පරිපාලන සේවයේ හා පළාත් පාලන සේවයේ දැනට පුරප්පාඩුව පවතින තනතුරු සුදුසුකම් සහිත නිලධාරින් පත් කිරීමට සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදී.
බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ බඳවා ගත් බහු කාර්ය සහායකින් විසි පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කර ඇති බවත් ඉතිරි හාරදහසකට ආසන්න ප්‍රමාණය දැනට ඔවුන් අනුයුක්තව සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා අදාළ පළාත් සභාව වෙත ස්ථිර කිරීම සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.
පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ ඊග්රාම නිලධාරී වැඩසටහන 2014 වර්ෂයේ ජනතාවට පහසුවක් වන පරිදි ප්‍රතිඵල ළඟාකර ගත හැකි ඉලක්ක සහගත වැඩසටහනකට ගමන් කරවීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසටත් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයමින් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම සඳහා 2024 වර්ෂයේදී කැපවීමෙන් කටයුතු කිරීම තම අපේක්ෂාව බවත් කණ්ඩායම් හැඟීමෙන් යුතුව ඒ සඳහා එක්ව වැඩ කිරීමට සූදානම් වන ලෙස සියලු නිලධාරීන්ට ආරාධනා කරන ලදී. අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි විය.