වැඩ කල්දැමීම වෙනුවට හැකි ඉක්මනින් ඊට සූදානම් වී රාජකාරියට පිවිසෙන්න.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණිය, කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණිය, ශ්‍රී ලංකා රජයේ පුස්තකාලාධිපති සේවයේ තුන්වන ශ්‍රේණිය යන සේවාවන් හි සීමිත තරග විභාග සමත් 250 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම 2024.02.19 (අද) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වරයා -
තමන්ගේ දක්ෂතාවය හා ජ්‍යෙෂ්ඨත්වය උඩ සුදුසුකම් ලබා තිබෙන ඔබ සියලු දෙනාට ඔබගේ සතුට සමග අපගේ සතුට, ආශිර්වාදය එක් වෙනවා. රාජ්‍ය සේවයේ වගකීම සාමාන්‍ය පෞද්ගලික සමාගමකට වඩා බරපතලයි.
රාජ්‍ය සේවයට ඇතුළුවන මොහොතේ සිට රාජ්‍ය සේවයේ දෙපාර්තමේන්තු, ආයතන සහ මුළු මහත් රාජ්‍ය සේවයේ කටයුතු සමගින් ඔබ සියලු දෙනා රට වෙනුවෙන් සේවයට එක්වෙනවා. එම ගැඹුරු වගකීම ඉටු කිරීම සඳහා වූ ගමනේ සියලු කර්තව්‍යන්ට පූර්ව සූදානම් වීමේ වැදගත් කොටසක් තිබෙන බව මතක් කරන්නට කැමතියි. අපි සාකච්ඡාවකට යනකොට හෝ උදව් කරනකොට ඒ පිළිබඳ මූලික සූදානමක් තිබිය යුතුමයි. ඒ සඳහා වූ තොරතුරු එක් රැස්කර ගත යුතුයි. වැඩ කල්දැමීම නොව හැකි ඉක්මනින් ඊට සූදානම් වීමේ කර්තව්‍යයට පිවිසිය යුතුයි.