මෙරට ග්‍රාමීය පාළම් ඉදිකිරීමේදී ඉදිරියේදී තම රටේ සහය ලබා දීමට කැමැත්තෙන් පසුවන බව මෙරට ඉන්දුනීසියානු තානාපති ගුස්ටි නුග්රා ආදියාසා මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කලේ පසුගියදා (04දා) රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම අමාත්‍යංශයේදී මුනගැසුණ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාවේ භූගෝලීය පරිසරයට බොහෝ සමාන පරිසරයකට හිමකම් කියන තම රට ග්‍රාමීය පාළම් ඉදිකිරීමේදී ලබා ගත් අත්දැකීම් මෙරට ග්‍රාමීය පාළම් නිර්මාණය කිරීමේදී භාවිතා කල හැකි බව සඳහන් කල තානාපතිවරයා දෙරටේ රජයන් අතර ඇතිකර ගන්නා අවබෝධතා ගිවිසුමක් මත මෙම කටයුත්ත සිදුකිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා හා පැවසීය.
දැනට ග්‍රාමීය පාළම් ඉදිකිරීම සඳහා බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත රජයන්ගේ සහය තම රටට ලැබෙන බව සඳහන් කල අමාත්‍යවරයා එම ආධාර යටතේ මේ වන විට ග්‍රාමීය පාළම් 1300 ට අධික ප්‍රමානයක් තනා අවසන් කොට ඇති බවත් මේ වන විට තවත් ග්‍රාමීය පාළම් 500 ක පමණ වැඩ කටයුතු කෙරෙමින් පවතින බවත් තානාපතිවරයා හා පැවසීය. මෙම පාළම් ඉදිකිරීමේ කටයුත්තට සහය දැක්වීමට ඉන්දුනීසියාණු රජයේ ඉදිරිපත් වීම අගය කල අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වී සිටියහ.