පළාත් පාලන ඡන්ද ක්රමයේ පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඒ සඳහා වන විසඳුම් ලබා දීම පිනිස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පසුගිය ජනවාරි මාසයේදී ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතාගේ ප්‍රදානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, හිටපු අමාත්‍යංශ ලේකම් ජයලත් රවී දිසානායක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අදාල කමිටුව විසින් සකස් කරන ලද අවසන් වාර්තාව පසුගියදා (13දා) අමාත්‍යතුමන් වෙත එම අමාත්‍යංශයේදී භාර දෙන ලදි..
මෙම අවස්ථාවට කමිටුවේ ලේකම් නීතිඥ ගයනි ප්‍රේමතිලක, අමාත්‍යංශ උපදේශක මහින්ද මඩිහහේවා යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.