රටේ සියලු දිස්ත්‍රික්කයන්හි පශු සම්පත් සංවර්ධනය සඳහා දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටු සම සභාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී 2023.11.16 දින පැවැත්විණි. මේ සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ද, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මෙන්ම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන මහත්වරුද දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරු වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටියහ.