සෑම වසරකම ජූලි 01 වෙනිදායින් පටන් ගන්නා සතිය රාජ්‍ය භාෂා සතිය වශයෙන් නම් කෙරෙනවා.ඒ අනුව මෙවරත් මෙම සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැගීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන තිබිණි.එම අමාත්‍යංශයේ ජාතික භාෂා අංශය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රජ්‍ය භාෂා කොමිෂන් සභාව හා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය එක්ව භාෂා සතියට සමගාමීව දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නන්වන ලදි.
මේ යටතේ ටෙලි නාට්‍ය නිර්මාණ තරගාවලියක් ක්‍රියාත්මක කල අතර එහිදී හොඳම ටෙලි නාට්‍යය, හොඳම නිළිය සහ හොඳම සංගීතය සඳහා වන සම්මාන දිනා ගන්නා ලද්දේ පී.අසිත් මුතුකුමාර ජයරත්න විසින් නිර්මාණය කරන ලද වාලයික්කාප්පු ටෙලි නාට්‍යයයි.මාහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ, මහාචාර්ය සෞම්‍ය ලයනගේ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාමර අමරසිංහ යන විනිසුරු මඩුල්ල විසින් මෙම ටෙලි නාට්‍ය විනිශ්චය සිදුකරණ ලදි.
රාජ්‍ය භාෂා දින උත්සවයේ සමාප්ති උත්සවය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේද පැවති අතර මේ අවස්තාවට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න,සම්මානිත මහාචාර්ය ජේ.බී .දිසානායක මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ පී .අසිත් මුතුකුමාර මහතා විසින් හොඳම ටෙලි නාට්‍ය අධ්යක්ෂණයට හිමි ත්‍යාග හා සහතික පත් අග්‍රාමාත්‍යතුමන් අතින් ලබා ගන්නා අවස්තාවයි.අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න, සම්මානිත මහාචාර්ය ජේ.බී .දිසානායක,රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන මහත්වරුද ඡායාරූපයේ වෙති.