ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2240 දරණ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි 2023 වසරේ පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ දී ඉහළම ලකුණු ලබා ගත් හා සම්මුඛ පරීක්ෂණයේ දී ඉහළම ලකුණු ලබා ගත් 41 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය පසුගියදා (15දා) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයේන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙයට සමගාමීව 2017 වසරේ නිකුත් කරන ලද අංක 2039 දරණ ගැසට් නිවේදනය මත පදනම්ව පැවති ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයෙන් සම ලකුණු ලබා ගනිමින් සමත්වූ නිලධාරීන් 7 දෙනෙකු ක්‍රමසම්පාදන සේවය සඳහා බඳවා ගනිමින් පත්වීම් ලිපි ප්රදානය කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී සිදුවිය.
මෙසේ නවක පත්වීම් ලද පරිපාලන නිලධාරීන්ට හා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන්ට සතියක සේවාරම්භක පුහුණුවක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී ලබා දීමට අමාත්‍යංශය පියවර ගෙන ඇති අතර එළඹෙන 22 දින සිට පුරප්පාඩු පවතින ස්ථාන වලට අදාල නිලධාරීන් අනුයුක්ත කිරීමටද පියවර ගෙන ඇත.
මෙම අවස්තාවට පළාත් සභා හා පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඇතුලු අමාත්‍යංශ නිලධාරීහු එක්ව සිටියහ.