ඌව සහ උතුරු පළාතේ බැහැර කෙරෙන ඝණ අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම උදෙසා වන විශේෂ ව්‍යාපෘතියකට කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය සිය සහය පළකර තිබෙනවා. මේ සඳහා වැය වෙතැයි අපේක්ෂිත මුදල රුපියල් මිලියන 10.6 කි.මෙම සම්පූර්ණ මුදල කොරියානු රජය මගින් ලබා දෙන ප්‍රදානයක් ලෙස මෙරටට හිමිවේ.මේ සඳහා වන සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතා ,කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ මෙරට අධ්යක්ෂ කිම් යන්ග්ජින් මහත්මිය හා විදෙස් සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සම්පත් බණ්ඩාර යන මහත්වරුන් අතින් අද(04දා) රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදී සිදුවිය.
වසර දෙකක් පුරා කරණ ලද පාරිසරික අධ්‍යයනයන් මගින් මෙම ඉඩම් හඳුනා ගැනීම සිදුකර ඇති අතර මේ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රදේශයේ හා වවුනියාව ප්‍රදේශයේ කසල බැහැර කිරීමේ අංගන දෙකක් ඉදිකිරිමට පියවර ගැණෙනු ඇත.මෙම ව්‍යාපෘති හරහා මෙම ප්‍රදේශයන්හි මාර්ග,විදුලිය ආදී යටිතල පහසුකම්හී සංවර්ධනයක් සිදුකිරීමට නියමිත අතර එමගින් ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය නන්වාලීම මෙන්ම සෘජු හා වක්‍ර රැකියා අවස්තා නිර්මාණය කිරීමද අපේක්ෂා කෙරේ.
මෙම අවස්තාවට අමාත්‍යංශ නිලධාරින් මෙන්ම කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ නිලධාරීන්ද සහභාගී විය.