විභාග නිවේදන
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2012
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2012 ප්‍රතිඵල මත 2 වන වටයේ බඳවා ගැනීමට නියමිත අයදුම්කරුවන්ගේ සහ ආබාධිත පුනරුත්ථාපන කොන්දේසි යටතේ බඳවා ගැනීමට නියමිත අයදුම්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අංශයේ දී 2013.10.15 දින පැවැත්වේ.
සුදුසුකම් පරීක්ෂණ සඳහා කැඳවීම් කරනු ලැබූ වේලාවන් පහතින් පරීක්ෂා කළ හැක.
- 2 වන වටයේ බඳවා ගැනීමට නියමිත අයදුම්කරුවන්ගේ කැඳවීම් කළ වේලාවන්
- ආබාධිත පුනරුත්ථාපන කොන්දේසි යටතේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කළ වේලාවන්
- සම්මුඛ පරීක්ෂණ මණ්ඩල වෙත පහතින් දැක්වෙන ලිපි/සහතික ඉදිරිපත් කළ යුතුය.
- ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ වෙනත් වලංගු හැඳුනුම්පතක්.
- උප්පැන්න සහතිකය.
- විභාග අයදුම්පත සම්පුර්ණ කිරීමේ දී උපයෝගි කරගත් සියලුම අධ්‍යාපන සහතික වල මුල් පිටපත්.
- පාසල හැරයාමේ සහතිකයේ මුල් පිටපත.
- ඉහත I,II,III හා IV හි සඳහන් ලියකියවිලි වල ඡායා පිටපත්.
- ඔබ භාවිතා කරන නමේ හා උප්පැන්න සහතිකයේ සහ අනෙකුත් සහතික පත් වල සඳහන් වන නමේ සුලු හෝ වෙනසක් ඇත්නම්, එම වෙනස පැහැදිළි කිරීම සඳහා විධිමත් ආකෘතියකින් යුත් දිවුරුම් ප්‍රකාශයක්. (අදාල සහතික වල නම් වෙන වෙනම සඳහන් කරමින් එම නම් වලින් සඳහන් වන්නේ එකම පුද්ගලයකු බවට ප්‍රකාශ කරමින් රු. 50 /-ක අවලංගු නොකරන ලද මුද්දරයක් මත ඔබගේ අත්සන තබා සාමදාන විනිසුරුවරයකු හෝ දිව්රුම් කොමසාරිස්වරයකු විසින් එය සහතික කළ යුතුය.)
- විභාග කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළ උක්ත රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන පන්තියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2012 ප්‍රතිඵල ලේඛනයේ මුල් පිටපත.
- ඔබ පදිංචි කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීගෙන් ලබා ගෙන, ප්‍රාදේශීය ලේකම් වෙතින් අනු අත්සන් කරවා ගත් පදිංචි සහතිකය (ඩී.එස්.4 ආකෘතිය මගින් විය යුතුය).
- සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපිය හා සම්පුර්ණ කරනු ලැබූ II ආකෘති පත්‍රය.
- විවෘත තරග විභාග ප්‍රතිඵල මත 2 වන වටයේ බඳවා ගැනීමට නියමිත අයදුම්කරුවන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමේ දී, විභාග නිවේදනයේ 7.0 ජේදය ප්‍රකාරව ඔබ තරග කිරීම සඳහා තෝරා ගත් දිස්ත්‍රික්කයට අයත් යැයි සැළකීමට නම් පහත සඳහන් කරුණු අතුරින් එකක් හෝ සපුරා තිබිය යුතු බැවින්, ඒ බැව් සනාථ කිරීමේ ලියකියවිලි ද රැගෙන ආ යුතුය.
- ඔබ එම දිස්ත්‍රික්කය තුළ ඉපදුණු අයෙකු විය යුතුය;
- විභාගය සඳහා සුදුසුකම් සම්පුර්ණ කළ යුතු අවසන් දිනයට පුර්වයෙන් (එනම් 2012.05.21 වැනි දින හෝ ඊට පෙර වූ) අවුරුදු හය (06) ඇතුළත ඔබ එම දිස්ත්‍රික්කය තුළ යටත් පිරිසෙයින් අවුරුදු තුන (03) වත් අඛණ්ඩව ස්ථිර වශයෙන් පදිංචි වී සිටි අයකු විය යුතුය. මේ බව සනාථ කිරීම සඳහා 2012.05.21 දිනට පූර්වාසන්න අවුරුදු තුනක (එනම් 2009, 2010 සහ 2011 වසර වලට අදාළ) ඡන්ද හිමි නාම ලේඛන උපුටන හෝ අදාළ කාලය තුළ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව ඇති බවට මැතිවරණ කොමසාරිස්ගේ අංක PE1/64(2010)11 සහ 2011.01.06 දිනැති ලිපියෙන් උපදෙස් දී ඇති පරිදි ග්‍රාම නිළධාරී කාර්යාල වල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල තබා ඇති ඡන්ද හිමි නාම ලේඛන පරීක්ෂා කර මේ සමග වන ආකෘතියේ සටහන් කර අත්සන් තබා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය;
- ඔබ නොකඩවා අවුරුදු පහක් (05) එම දිස්ත්‍රික්කයෙහි ද්විතීය පාසැල් අධ්‍යාපනය ලබා තිබිය යුතුය.
- ආබාධිත අයදුම්කරුවන් පහත සඳහන් වෛද්‍ය වාර්තා ද ඉදිරිපත් කළ යුතුය.
- ඔබගේ ආබාධිත තත්වය සනාථ කිරීම සඳහා එම ආබාධය පිළිබඳව රජයේ මහ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ලබාගත් වෛද්‍ය සහතිකයක්.
- ඔබගේ ආබාධිත තත්වය රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තනතුරක රාජකාරි ඉටුකිරීමට බාධවක් නොවන බවට සහතික කොට රජයේ මහ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු විසින් නිර්දේශ කෙරෙන වෛද්‍ය වාර්තාවක්.
- අංක 1755 දරන 2012.04.20 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද යථෝක්ත විභාග නිවේදනය ප්‍රකාරව, අදාළ තනතුර සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිබිය යුතුය.
- 2013.10.15 දින හැර වෙනත් දිනයක් සම්මුඛ පරීක්ෂණ සඳහා ලබා දිය නොහැක. නියමිත දිනයේ සම්මුඛ පරීක්ෂණයට නොපැමිණීම පත්වීමක් ලබා ගැනීම සඳහා ඔබගේ අපේක්ෂාවක් නොමැති සේ සළකනු ලබන අතර, මේ සම්බන්ධයෙන් පසුව කරනු ලබන කිසිදු විමසීමක් මොනම හේතුවක් මත හෝ සළකා බලනු නොලැබේ.
- මේ සඳහා ගමන් වියදම් හෝ කිසිදු දීමනාවක් ගෙවනු නොලැබේ.
- මෙම සම්මුඛ පරීක්ෂණය සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා කැඳවුවක් වන අතර එය පත්වීමක් ලබා ගැනීමට ඔබට ඇති අයිතියක් නොවන බවද, මෙම නිවේදනය නිකුත් කිරීමෙන් පමණක් ඔබ පත්වීමක් ලැබීමට සුදුස්සකු නොවන බවද කාරුණිකව සලකන්න.