දැක්ම
"නිල නිවාස පහසුකම් සැපයීම මඟින් ඵලදායී රාජ්‍ය සේවයක්"
මෙහෙවර
"රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන සියළුම රජයේ නිල නිවාස, සේවා අවශ්‍යතාවය අනුව රජයේ නිලධාරීන්ට ලබාදීම, ඒවායේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය මෙන්ම අමාත්‍යාංශය යටතේ සිදුකරන නිල පියස, නිල සෙවන නිවාස ව්‍යාපෘති සම්බන්ධ සියළු කාර්යයන් ක්‍රියාත්මක කිරීම මඟින් ඵලදායී රාජ්‍ය සේවයකට අවශ්‍ය පසුබිම සැකසීම""
අරමුණු
- රජයේ නිලධාරීන්ට නිල නිවාස වෙන්කර දීම, එම නිවාස නඩත්තු කටයුතු සිදුකිරීම.
- අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන නිවාස ව්‍යාපෘතිවලට සම්බන්ධ සියළු කළමනාකරණ හා පරිපාලනමය කටයුතු ඉටුකිරීම හා අදාල පාර්ශව සමඟ සම්බන්ධීකරණය.
- රජයේ නිලධාරීන්ගේ සේවා අවශ්‍යතාවය මත පදනම්ව තාවකාලික පදිංචිය සඳහා දෙන ලද රජයට අයත් ඕනෑම නිවසක් “ නිල නිවාස” යටතට ගැනෙන අතර රජයේ පොදු සේවා නිවාස පිළිබඳ කටයුතු කිරීම.
මෙම අංශය යටතේ සංවර්ධන හා නිවාස ලෙස ඒකක දෙකක් ක්‍රියාත්මක වන අතර එහි කාර්යයන් පහත පරිදි වේ.
සංවර්ධන අංශයේ කාර්යයන් | නිවාස අංශයේ කාර්යයන් |
රාජ්‍ය නිලධාරීන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් නිල නිවාස පහසුකම් සැපයීම සඳහා “නිල පියස” ඇතුළු අනෙකුත් ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම. | රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් සදහා නිල නිවාස වෙන්කිරීම. |
අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව පිළියෙල කිරීම. | රජයේ නිලධාරීන්ගේ පොරොත්තු ලේඛනයට අනුව නිල නිවාස වෙන්කිරීම සහ සුවිශේෂී අවස්ථාවල සේවා අවශ්‍යතාව මත ප්‍රමුඛතා පදනම මත නිවාස වෙන්කිරීම. |
ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ව්‍යාපෘති කළමනාකරණ දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යාංශය වෙත ව්‍යාපෘතිවල ප්‍රගතිය දක්වන වාර්තා පිළියෙල කිරීම. | නියමිත දිනට ගෙවල් කුලී එකතු කිරීම හා වෙනත් රාජ්‍ය ආයතන මගින් ගෙවල් කුලී එකතු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම. |
තොරතුරු පනත සම්බන්ධයෙන් වන අර්ධ වාර්ෂික වාර්තාව පිළියෙල කිරීම. | රජයේ නිල නිවාස වල වාර්ෂික නඩත්තු හා අළුත්වැඩියා කිරීම් කටයුතු සිදු කිරීම හා ඒවා සුපරීක්ෂණය. |
රාජ්‍ය නිලධාරීන් සඳහා කාලීන නිවාස අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ඒ අනුව ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම. | රජයේ නිවාස නිත්‍යානුකූල නොවන ආකාරයෙන් භාවිතා කිරීම වැළැක්වීම සඳහා 1969 අංක 7 දරන සන්තකය ආපසු පවරා ගැනීමේ පනත යටතේ නීතිමය පියවර ගැනීම. රාජ්‍ය හා පුද්ගලික අංශයන්ගේ සහයෝගීතාවයෙන් “නිල සෙවණ” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම. මෙම අමාත්‍යාංශය යටතේ පවතින නිවාඩු නිකේතන හා සංචාරක බංගලා වෙන්කිරීම හා ඒවායේ පරිපාලන කටයුතු. |
රජයේ නිල නිවාසය
රජයේ නිලධාරියෙකුට සේවා අවශ්‍යතාවය මත තාවකාලික පදිංචිය සඳහා දෙන ලද රජයට අයත් ඕනෑම නිවස්නයක් "රජයේ නිල නිවාස" ගණයට ඇතුලත් වේ. එවැනි සියළු නිවාස පහත සඳහන් පරිදි කාණ්ඩ 02 කට අයත් වේ.
- උප ලේඛණ ගත නිවාස - අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක යම් නිශ්චිත තනතුරකට හෝ ශ්‍රේණියකට වෙන් කර ඇති නිවාස.
- පොදු සේවා නිවාස - උප ලේඛණ ගත නිවාස හිමි තනතුරු වලට හෝ ශ්‍රේණි වලට අයත් නොවන සියළුම නිලධාරීන්ගේ නිවාස අවශ්‍යතාවය වෙනුවන් පවත්නා නිවාස.
ඒ අනුව රජයේ පොදු සේවා නිවාසයන්ට අදාළ කටයුතු සිදු කිරීම නිවාස ඒකකයේ කාර්ය වේ.
රාජ්‍ය සේවා අමාත්‍යාංශයීය සංචාරක බංගලා සහ නිවාඩු නිකේතන
රාජ්‍ය සේවා අමාත්‍යාංශයීය සංචාරක බංගලා
- නුවරඑළිය, දියතලාව, බණ්ඩාරවෙල නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා - 011 2697316
පොදු අංකය: 011 2696211 – දිගුව - 216
ෆැක්ස්: 011 2697299
- සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන්කිරීම සෑම මසකම පළමු වැනිදා සිට සිදුකරනු ලබයි.
නිවාඩු නිකේතනයේ නම | පිහිටීම | දුරකතන අංකය | අයකරන ගාස්තුව (රු.) | කාමර සංඛ්‍යාව | උපරිම නේවාසික සංඛ්‍යාව |
නුවරඑළිය (පැරණි) | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 10 |
නුවරඑළිය (නව) A1 | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 06 |
නුවරඑළිය (නව) A2 | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 06 |
නුවරඑළිය (නව) B | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 750 | 02 | 04 |
දියතලාව - A | දුම්රිය ස්ථානය අසල | +94 57 2229068 | 1,000 | 04 | 11 |
දියතලාව - B | දුම්රිය ස්ථානය අසල | +94 57 2229069 | 1,000 | 03 | 07 |
බණ්ඩාරවෙල - 01 | බිඳුණු වැව පාර | +94 57 2222553 | 1,000 | 03 | 07 |
බණ්ඩාරවෙල - 02 | බිඳුණු වැව පාර | +94 57 2222553 | 1,000 | 03 | 07 |
**2018.06.01 දින සිට ඉදිරියට සිදු කරන නිවාඩු නිකේතන වෙන් කිරීම් සඳහා අදාළ වන පරිදි දිනකට අයකරනු ලබන ගාස්තු සංශෝධනය කර ඇත
*කොන්දේසි අදාළ වේ.
රාජ්‍ය සේවා අමාත්‍යාංශයීය නිවාඩු නිකේතන
- යාපනය, කතරගම, මහියංගනය, මිහින්තලය, මුලතිවු සහ පොලොන්නරුව නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා – 011 2697316
ප්‍රභූ කාමර (රු.) | වායු සමනය කළ (රු.) | වායු සමනය නොකළ (රු.) | |
දැනට පවත්නා මිල ගණන් සාමාන්‍ය වෙන් කිරීම් සඳහා | 6,500 | 4,500 | 2,500 |
රාජ්‍ය සේවක පුද්ගලික සංචාර සඳහා රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතන වෙන් කිරීමට අදාල අයදුම්පත පුරවා ඔබගේ ආයතන ප්‍රධානියා මගින් ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා පමණි |
4,000 | 2,000 | 1,500 |
විදේශීය නවාතැන් කරුවන් සඳහා 50%ක් අතිරේකව අය කිරීම | 9,750 | 6,750 | 5,250 |
වැඩමුළු සඳහා පමණක් නිකේතන ආපනශාලාව යොදා ගන්නා අවස්ථාවලදී; පෙ.ව.8 - දහවල් 12.00 දක්වා හෝ දහවල් 12.00 - ප.ව. 4.00 දක්වා හෝ එක් වරුවක් සදහා = Rs 7,500/= සම්පූර්ණ දිනයක් සදහා (පෙ.ව.8 - ප.ව. 4.00 දක්වා) = Rs.15,000/= |
*කොන්දේසි අදාළ වේ.
“නිල පියස” රාජ්‍ය නිලධාරී නිල නිවාස ව්‍යාපෘතිය
රජයේ නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් සැපයීමේ අරමුණින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම එකක් බැගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම නිවාස ව්‍යාපෘතිය වසර පහකදී නිම කිරීමට යෝජිත අතර එක් වසරකදී දිස්ත්‍රික්ක පහක ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම්කර ඇත. මෙහි ප්‍රථම අදියර යටතේ පහත දිස්ත්‍රික්කවල ඉදිකිරීම් සිදුකිරීමට නියමිතය.
ඇමතුම් තොරතුරු
![]() අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන)
|
|||||||||
![]() ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නිවාස හා සංවර්ධන)
|
![]() සහකාර ලේකම් (නිවාස හා සංවර්ධන)
|
||||||||||||||||||
![]() නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්)
|
|||||||||||||||||||
ඉංජිනේරු අංශය
![]() ප්‍රධාන ඉංජිනේරු
|
![]() සිවිල් ඉංජිනේරු
|
||||||||||||||||||
නිවාස හා සංවර්ධන අංශය
|
||||