ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ හා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මානව සම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පැවරී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යයන් වුවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ හා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ බඳවා ගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස් වීම්, ස්ථාන මාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්‍රියාමාර්ග සිදුකරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසිනි. ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පමණක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පැවරී ඇති අතර, එම සේවයේ බඳවා ගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථානමාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්රියාවලී යන කාර්යයන් ඔවුන්ගේ ආයතනයට පවරා ඇත. 2010 වසර වන විට මෙම සේවාවන්හි අනුමත සේවක සංඛ්‍යා සහ වර්තමාන සේවක සංඛ්‍යාව පහත දැක්වෙන වගුවේ සාරාංශ කොට ඇත.
2010 දී අනුමත කාර්ය මණ්ඩලය
සේවාව |
අනුමත සේවක සංඛ්‍යාව |
වර්තමාන සේවක සංඛ්‍යාව |
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය |
660 |
480 |
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවය |
76 |
53 |
අරමුණු
- විද්‍යාත්මක සේවයේ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කිරීම.
- මහජනයාගේ අවශ්‍යතාව සැපිරීම සඳහා, කාර්යක්ෂම විද්‍යාත්මක සේවයක් ස්ථාපිත කිරීම.
ප්‍රධාන කාර්යයන්
බඳවා ගැනීම්
- සම්මුඛ පරීක්ෂණයක් මඟින් අයදුම්කරුවන්ගේ සුදුසුකම් තහවුරු කර ගැනීම.
සේවයේ ස්ථිර කිරීම
- රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ ලබාදීම.
උසස් වීම් ලබාදීම
- සේව්‍යයාගේ සේවා ආයතනයෙන් නිර්දේශය ලබා ගැනීම.
- රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ ලබාදීම.
කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම.
- කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම.
- උසස්වීම් ලබාදීම.
සේවය දීර්ඝ කිරීම හා විශ්‍රාම ගැනීම
- සේව්‍යයාගේ සේවා ස්ථානයෙන් නිර්දේශය ලබා ගැනීම.
- රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිර්දේශ ලබාදීම.
සංවිධාන ව්‍යුහය
බාගතකිරීම
ඇමතුම් තොරතුරු
ජී.අයි.ඩී.සී. විජේසිංහ මිය අධ්යක්ෂ
දුරකතන |
: |
+94 11 2695187 (දිගුව - 161) |
ෆැක්ස් |
: |
+94 11 2695187 |
විද්‍යුත් තැපෑල |
: |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
නවාංජනී ළමාහේවා මිය සහකාර අධ්යක්ෂ
දුරකතන |
: |
+94 11 2698418 (දිගුව - 180) |
ෆැක්ස් |
: |
+94 11 2695187 |
විද්‍යුත් තැපෑල |
: |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|