සේවක සංඛ්‍යාව
- 2024.07.01 දිනට ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ තත්‍ය නිලධාරී සංඛ්‍යාව 1125කි.
බඳවා ගැනීම
- අංක 1836/6 හා 2013.11.11 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා නව ව්‍යවස්ථාව හා එහි සංශෝධනයන් අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීම් ආකාර 02කි.
- විවෘත බඳවා ගැනීම (වෘත්තීය සුදුසුකම් ලත් ඉංජිනේරුවන් සඳහා පමණි) - පවත්නා පුරප්පාඩු වලින් 75%ක ප්‍රමාණයක්
- සීමිත බඳවා ගැනීම - පවත්නා පුරප්පාඩු වලින් 25%ක ප්‍රමාණයක්
විවෘත බඳවා ගැනීම
අධ්‍යාපන සුදුසුකම්
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක එම කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබ ඇති වසර 04ක පූර්ණකාලීන විද්‍යාවේදී ඉංජිනේරු උපාධි පාඨමාලාවට බඳවාගනු ලබන විෂය ධාරාවක් යටතේ සාර්ථකව සම්පූර්ණ කර උපාධිය ලබා තිබීම.
හෝ
- ඉහත දැක්වෙන උපාධි පාඨමාලාවට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබූ අධ්‍යයන සහ අනිකුත් සියළු අවශ්‍යතා බඳවාගනු ලබන විෂය ධාරාවක් යටතේ සම්පූර්ණ කර ඊට අදාල වලංගු සහතිකය ලබා තිබීම.
වෘත්තීය සුදුසුකම්
- 2017 අංක 04 දරන පනත මගින් ස්ථාපිත ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවේ, අදාළ සේවා කාණ්ඩය යටතේ ආශ්රිත ඉංජිනේරුවරයෙකු හෝ වරලත් ඉංජිනේරුවරයෙකු ලෙස ලියාපදිංචි වී තිබීම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ආශ්රිත සාමාජිකත්වය හෝ පූර්ණ සාමාජිකත්වය (වරලත් ඉංජිනේරු තත්ත්වය) ලබා තිබීම
සීමිත බඳවා ගැනීම
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර සේවයට අයත් නිළධාරියෙකු ලෙස වසර 15 කට නොඅඩු සේවා කාලයක් සහිතව, ඉන් අවම වශයෙන් වසර 05 ක් එම සේවයේ I ශ්‍රේණියේ උසස්වීම් ලැබ සේවය කර තිබීම සහ විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ කාර්මික විභාගය සම්පූර්ණයෙන්ම සමත්වීම.
- දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ තනතුරක සේවය කරනු ලබන නිලධාරියෙකු, එම දෙපාර්තමේන්තුවේ වසර 15 කට නොඅඩු සේවා කාලයක් සහිතව, ඉන් අවම වශයෙන් වසර 05 ක් එම සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලැබ සේවය කර තිබීම.
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිළධාරියෙකු ලෙස වසර 15 කට නොඅඩු සේවා කාලයක් සහිතව, ඉන් අවම වශයෙන් වසර 05 ක් එම සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලැබ සේවය කර තිබීම සහ විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන රජයේ කාර්මික නිළධාරින් සඳහා වන තුන්වන විභාගය (1979 ව්‍යවස්ථාව) සම්පූර්ණයෙන් සමත්වීම.
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර සේවයට අයත් නිලධාරියෙකු හෝ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරියෙකු හෝ දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ තනතුරක සේවය කරනු ලබන නිලධාරියෙකු ලෙස වසර 21 කට නොඅඩු සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සහිතව එම සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කර තිබීම.
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර සේවයට අයත් නිලධාරියෙකු හෝ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරියෙකු හෝ දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ තනතුරක සේවය කරනු ලබන නිලධාරියෙකු ලෙස වසර 15 කට නොඅඩු සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම සහ
(අ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක, එම කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබ ඇති බඳවා ගනු ලබන විෂය ධාරාව යටතේ වසර 04 ක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර උපාධිය ලබා තිබීම.
හෝ
(ආ) ඉහත දැක්වෙන උපාධි පාඨමාලාවට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබූ, අධ්‍යාපන හා අනෙකුත් සියළු අවශ්‍යතා බඳවාගනු ලබන විෂය ධාරාව යටතේ සම්පූර්ණ කර ඊට අදාළ වලංගු සහතිකයක් ලබා තිබීම.
- ඉහත සඳහන් සුදුසුකම් වලින් එකක් සමග 2017 අංක 04 දරන පනත මගින් ස්ථාපිත ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාවේ, සංස්ථාගත හෝ ආශ්රිත ඉංජිනේරුවරයෙකු ලෙස ලියාපදිංචි වි තිබීම
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
ඇමතුම් තොරතුරු
ඉංජි. පී.ඒ.ටී.එන්. පොන්නම්පෙරුම අධ්යක්ෂ
|
ඩබ්.එන්. ප්‍රියදර්ශනී මෙය සහකාර අධ්යක්ෂ
|
ශාඛා ප්‍රධානි කේ.බී.සී.ජේ. ද සිල්වා මයා
|
|||||||