ඉල්ලුම් කිරීම
රජයේ ගැසට් පත්‍රයේ විභාග නිවේදනයක් මගින් බඳවා ගැනීමට විභාගයට ඉල්ලුම් කරන ආකාරය පිළිබඳව පළ කරනු ලැබේ.
සේවය සඳහා අවම සුදුසුකම්
- I වන පන්තිය:
- ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.
- අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ඇති මාසයට පුර්වාසන්න වු මාසයේ අවසාන දිනය වන විට අවුරුදු 21ට එළඹ ඇති හා අවුරුදු 40ට එළඹ නොමැති විය යුතුය, (රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර නිළධාරීන් හට වයස් සීමාව බල නොපානු ඇත.),
- පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් හෝ නීතිඥ විභාගය හෝ පිළිගත් කාර්මික විද්‍යාලයක හෝ බහු තාක්ෂණික ආයතනයක වාණිජ විද්‍යා ඩිප්ලෝමා සහතිකය හෝ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා උසස් සහතිකය හෝ මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා සහතිකය සමත් වීම,
- අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස අ.පො.ස. (සා.පෙළ) හෝ ඊට සමාන විභාගයක දී දෙවැනි භාෂාවට සම්මාන සාමාර්ථයක් හෝ දෙවැනි භාෂාව පිළිබඳව පිළිගත හැකි ඊට උසස් සුදුසුකමක් සමඟ පළමු භාෂාවට සම්මානයක් තිබීම.