අනුමත කාර්ය මණ්ඩලය
- 117
බඳවා ගැනීම
ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති III වන පන්තියට බඳවා ගැනීම සිදු කරන අතර එසේ බඳවා ගනු ලබන්නේ ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වන තරඟ විභාගයක ප්‍රතිඵල මත සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුසුකම් ලත් අය පමණි. ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති III වන පන්තියේ පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාවෙන් 70% ක් විවෘත පදනමින්ද 30% කට නොවැඩි ගණනක් සීමිත පදනමින්ද බඳවා ගනු ලැබේ.
ඉල්ලුම් කිරීම
රජයේ ගැසට් පත්‍රයේ විභාග නිවේදනයක් මගින් බඳවා ගැනීමට විභාගයට ඉල්ලුම් කරන ආකාරය පිළිබඳව පළ කරනු ලැබේ.
සේවය සඳහා අවම සුදුසුකම්
- විවෘත පදනම මත:
- ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය
- අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 30 ට නොවැඩි විය යුතුය
- අවම අධ්‍යාපන සුදුසුකම් සිංහල / දෙමළ / ඉංග්‍රීසි භාෂාව, ගණිතය හා වෙනත් විෂයන් දෙකකට සම්මාන සහිතව විෂය හයකින් අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්වීම (මින් විෂයයන් 5ක් එක්වර සමත් වීම.) සහ පිළිගත් විශ්ව විද්‍යාලයක හෝ ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ පුස්තකාල විද්‍යාව පිළිබඳ තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව සමත් වීම.
- සීමිත පදනම මත:
- සීමිත පදනම මත - රජ්‍ය සේවයේ පුස්තකාල සහායක / පුස්තකාල සේවක තනතුරේ ස්ථිර කර තිබීම සහ එම තනතුරේ වසර 10ක සක්‍රීය සේවා කාලයක් සපුරා තිබීම
- අයදුම්පත් කැඳවන දිනට පුර්වාසන්නව අවුරුදු 5 ක සතුටුදායක සේවා කාලයක් සම්පුර්ණ කොට තිබිය යුතු බව අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සනාථ කර යුතුය. (මේ සඳහා උපරිම වයස් සීමාව බල නොපැවැත් වේ.)
සේවා ව්‍යවස්ථාවන්
- 2009.09.24 දින අංක 1620/22 දරන ගැසට් පත්‍රය - සේවා ව්‍යවස්ථාව
[ PDF - 190 KB ] - 1997.11.19 දින අංක 1002/13 දරන ගැසට් පත්‍රය - ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවා ව්‍යවස්ථා සංග්‍රහය
[ PDF - 177 KB ]
චක්‍රලේඛ
- අංක 2009/19 දරන චක්‍රලේඛය - ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරිම
- අංක 2010/03 දරන චක්‍රලේඛය - ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවා ව්‍යවස්ථාව අනුව පුස්තකාලයාධිපති සේවයේ II පන්තියට / I පන්තියට හා විශේශ පන්තියට විභාගයක් නොපවත්වා උසස් කිරිම
- අංක 2010/03 (I) දරන චක්‍රලේඛය - ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවා ව්‍යවස්ථාව අනුව පුස්තකාලයාධිපති සේවයේ II පන්තියට/ I පන්තියට හා විශේෂ පංතියට විභාගයක් නොපවත්වා උසස් කිරිම