අංක 1777/35 හා 2012.09.27 දිනැති සේවා ව්‍යවස්ථාව 2012.01.01 දින සිට ක්‍රියාත්මක වේ.
II ශ්‍රේණියට උසස් කිරීම
III ශ්‍රේණියේ වසර 10ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති හා වැටුප් වර්ධක 10ක් උපයාගෙන ඇති නිලධාරීන් II ශ්‍රේණියට උසස් කරනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
- පත්වීම ස්ථිර කර තිබීම
- III ශ්‍රේණියේ වසර 10ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක 10ක් උපයාගෙන තිබීම
- අනුමත කාර්යසාධන ඇගයීමේ පටිපාටිය අනුව උසස්වීම් දිනට පෙරාතුව වූ වසර දහයක් (10) තුළ සතුටුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කර තිබීම
- උසස්වීම් දිනට පූර්වාසන්න වසර 5 තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම
- අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබාගෙන තිබීම
- අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය නියමිත දිනට සමත් වී තිබීම
I ශ්‍රේණියට උසස් කිරීම
II ශ්‍රේණියේ වසර 09ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති හා වැටු ප් වර්ධක 09ක් උපයාගෙන ඇති නිලධාරීන් I ශ්‍රේණියට උසස් කරනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
- II ශ්‍රේණියේ අවම වශයෙන් වසර 09ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති හා වැටුප් වර්ධක 09ක් උපයාගෙන තිබීම
- උසස්වීම් දිනට පූර්වාසන්න වසර 5 තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම
- අනුමත කාර්ය සාධන ඇගයීමේ පටිපාටිය අනුව උසස්වීමේ දිනට පෙරාතුව වූ වසර නවයක් (09) තුළ සතුටුදායක මට්ටමේ හෝ ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම්කර තිබීම
- අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය නියමිත දිනට සමත් වී තිබීම
විශේෂ ශ්‍රේණියට උසස් කිරීම
I ශ්‍රේණියේ වසර 09ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති හා වැටු ප් වර්ධක 09ක් උපයාගෙන ඇති නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කරනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
- I ශ්‍රේණියේ අවම වශයෙන් වසර 09ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති හා වැටුප් වර්ධක 09ක් උපයාගෙන තිබීම
- උසස්වීම් දිනට පූර්වාසන්න වසර 5 තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම
- අනුමත කාර්ය සාධන ඇගයීමේ පටිපාටිය අනුව උසස්වීමේ දිනට පෙරාතුව වූ වසර නවයක් (09) තුළ සතුටුදායක මට්ටමේ හෝ ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම්කර තිබීම
- අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය නියමිත දිනට සමත් වී තිබීම
රාජකාරී පැවරීම
- අදාල සේවා අවශ්‍යතාවය, ජ්‍යේෂ්ඨත්ව හා පළපුරුද්ද පදනම් කරගෙන දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් රාජකාරී පවරා දෙනු ලැබේ
- උසස්වීම් ලබා දෙනුයේ පුරප්පාඩු සඳහා නොවන බැවින්, එම ශ්‍රේණියේම තනතුරක රාජකාරී පැවරීමට නොහැකි අවස්ථාවල දී ආසන්න ශ්‍රේණියට අයත් තනතුරක රජකාරීයේ යෙදවීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට බලය ඇත
ස්ථාන මාරු කිරීම
පහත පරිදි සිදු කරනු ලබයි.
- අමාත්‍යාංශ අතර ස්ථාන මාරු කිරීම අධ්යක්ෂ ජනරාල් විසින්
- එකම අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු අතර ස්ථාන මාරු කිරීම් අධ්යක්ෂ ජනරාල්ට දැනුම් දෙමින්, අමාත්‍යාංශ ලේකම් විසින්
- එකම දෙපාර්තමේන්තුවක් තුළ ස්ථාන මාරු කිරීම අධ්යක්ෂ ජනරාල්ට දැනුම් දෙමින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින්
එක් ශ්‍රේණියට අදාල තනතුරු
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
වර්තමාන සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
පූර්ව සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
අදාල චක්‍රලේඛ
විශේෂ නිවේදන
ඇමතුම් තොරතුරු
එස්. ආලෝකබණ්ඩාර මයා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්
|
ආර්.එම්.එස්. ප්‍රසාදනී අමරසිංහ මිය ඒකාබද්ධ සේවා අධ්යක්ෂ III
|
||||||||||||||||||
වයි.ආර්.එල්.වී. චතුරංග මයා ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ
|
කාර්යාල සේවක සේවා අංශය
|
|||||||