All Island Services
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවය
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ මානව සම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පැවරී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා ඇති කාර්යයන් වුවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ බඳවා ගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථානමාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්‍රියාමාර්ග රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් සිදු කරනු ලබයි.
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
වර්තමාන සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
පූර්ව සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
අදාල චක්‍රලේඛ
ඇමතුම් තොරතුරු
![]() අධ්යක්ෂ
|
![]() සහකාර අධ්යක්ෂ
|
වාස්තු විද්‍යාත්මක සේවා අංශය
|
|||||||
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ මානව සම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පැවරී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා ඇති කාර්යයන් වුවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ බඳවා ගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථානමාරු, විශ්‍රාම ගැනීම් හා විනය ක්‍රියාමාර්ග රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් සිදු කරනු ලබයි.
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
වර්තමාන සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
පූර්ව සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
ඇමතුම් තොරතුරු
![]() අධ්යක්ෂ
|
![]() සහකාර අධ්යක්ෂ
|
විද්‍යාත්මක සේවා අංශය
|
|||||||
ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය
දැක්ම
"කාර්යක්ෂම හා ඵලදායී මූල්‍ය කළමනාකරණයක් සදහා ස්වයංපාලිත ගණකාධිකාරී සේවාවක්"
අරමුණ
මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය උපරිමව පවත්වා ගනිමින් වගකීම් හා වගවීම් සුරක්ෂිත කිරීම පිණිස නෛසර්ගික පෙළඹවීමක් සහිතව කටයුතු කරන පරිපූර්ණ වෘත්තීයවේදියෙකු බිහි කිරීම.
ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයේ ඉතිහාසය
දෙවන ලෝක යුද සමයේ රාජ්‍ය අංශයේ සිදු වූ රාජකාරී වපසරිය පුළුල් වීම, අත්තිකාරම් ගිණුම් කටයුතු ඉහළයාම හා ගිණුම් ක්‍රමවේද තහවුරු කිරීමේ අවශ්‍යතාවය මත 1946 වසරේ දී ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය ආරම්භ වී ඇති බව ඉතිහාසගත තොරතුරු සාක්ෂි සපයයි. අනතුරු ව රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවන වෙනස්කම්වලට උරදෙමින් ගණකාධිකාරී සේවාව ද පරිණාමය වෙමින් වර්තමානය දක්වා පැමිණ ඇත. එම ගමන් මගෙහි විවධ අවස්ථාවල සේවාවේ පරිපාලන මධ්‍යස්ථානය වරින් වර වෙනස් වී ඇත.
ඒ අනුව මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ගණකාධිකාරී සේවා අංශය 2015.06.18 දින සිට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය යටතට පත් කළ බැවින් වර්තමානයේ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවාව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පරිපාලනය වේ.
දීප ව්‍යාප්ත සේවාවක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවාවේ නිලධාරීන් දිවයින පුරාම සේවයේ නිරතව සිටියි. එම නිලධාරීන් ස්වයං පාලිත විචක්ෂණශීලී හා වෘත්තීය නිපුණතා සපිරි නිලධාරීන්ගෙන් සමන්විත කරලීම රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ, ගණකාධිකාරී සේවා අංශයේ වගකීම වේ. ඒ වෙනුවෙන් ඉදිරියේදී පහත සදහන් පරිදි සංවර්ධන හා පුහුණු කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂිත ය.
- ගණකාධිකාරීවරුන් මුල්‍යය කළමනාකරණයේ නිරතවන්නන් වන බැවින් ස්වයං පාලනයක් (self governance) වෙත වැඩි අවධානය යොමු කරවමින් ඊට අදාළ ආකල්පමය සංවර්ධනයක් ගොඩනැගීම (SLIDA හෝ වෙන ආයතනයක් යටතේ).
- විනය ගැටළු අවම වන පරිදි අභිමානවත්ව රාජකාරී ඉටුකිරීම උදෙසා අවශ්‍ය දැනුම හා ආකල්ප නිලධාරීන් තුළ ගොඩනැංවීම.
- ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරියකු සමන්විය යුතු නිපුනතාවයන් හඳුනාගෙන එම නිපුණතා සාක්ෂාත් කරගනුවස් විධිමත් දෙස් විදෙස් පුහුණුව කරා ඔවුන් යොමු කිරීම.
- කාලීන අවශ්‍යතා හදුනාගනිමින් ගණකාධිකාරීවරුන් ධාරිතා සංවර්ධන වැඩසටහන්වලට (Capacity Building) සහභාගී කරවීම.
- සංවර්ධන කාර්යයන්හි සාර්ථකත්වය උදෙසා නිවරැදි මූල්‍ය පුරෝකථනයන් ඉතා වැදගත් වන බැවින් ඒ ආශ්රිත පර්යේෂණ සිදු කිරීම පිණිස නිලධාරීන් අභිප්‍රේරණය කිරීම, පර්යේෂණ පසුබිමක් ගොඩනැගීම හා ඒවායේ ප්‍රතිඵල භාවිතයට ගැනීම.
- ගණකාධිකාරීවරුන් වෘත්තීයවේදින් දක්වා සංවර්ධනය කිරීමට අවශ්‍ය උපායමාර්ග සකස් කිරීම.
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
වර්තමාන සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
අදාල චක්‍රලේඛ
ඇමතුම් තොරතුරු
![]() අධ්යක්ෂ
|
![]() නියෝජ්‍ය අධ්යක්ෂ
|
![]() සහකාර අධ්යක්ෂ
|
ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා අංශය
|
|||||||
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය
මෙහෙවර
"පරිපාලන විධිවිධාන හා රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක කීරිම සහ නව ප්‍රතිපත්ති හඳුන්වා දීම, නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය මගින් ඵලදායී ක්‍රමසම්පාදන සේවයක් රටට ලබා දීම"
අරමුණු
- ක්‍රමසම්පාදන සේවයේ මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කිරිම
- මහජනතාවගේ අවශ්‍යතා සැපිරිම සඳහා, කාර්යක්ෂම ක්‍රමසම්පාදන සේවයක් ස්ථාපිත කිරිම
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
වර්තමාන සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
පූර්ව සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
විශේෂ නිවේදන
ඇමතුම් තොරතුරු
![]() අධ්යක්ෂ
|
ක්‍රමසම්පාදන සේවා අංශය
|
|||||||
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය
සේවක සංඛ්‍යාව
- 1061
බඳවා ගැනීම
- විවෘත බඳවා ගැනීම (වෘත්තීය සුදුසුකම් ලත් ඉංජිනේරුවන් සඳහා පමණි)
අධ්‍යාපන සුදුසුකම්
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක එම කොමිෂන් සභාව විසින් පිළිගනු ලැබ ඇති වසර 04 ක පූර්ණ කාලීන විද්‍යාවේදී ඉංජිනේරු උපාධි පාඨමාලාව බඳවාගනු ලබන විෂය ධාරාවක් යටතේ සාර්ථකව සම්පූර්ණ කර උපාධිය ලබා තිබීම.
- ඉහත (i)හි දැක්වෙන උපාධි පාඨමාලාවට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගනු ලැබූ අධ්‍යයන සහ අනිකුත් සියළු අවශ්‍යතා බඳවාගනු ලබන විෂය ධාරාවක් යටතේ සම්පූර්ණ කර ඊට අදාල වලංගු සහතිකය ලබා තිබීම.
වෘත්තීය සුදුසුකම්
- ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පිළිගත් අධ්‍යයන අවශ්‍යතා සම්පූර්ණ කර එහි ආශ්රිත සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් සපුරා තිබෙන බව සනාථ කිරීමට එම ආයතනය විසින් නිකුත් කරනු ලබන සහතිකයක් ලබාතිබීම.
සීමිත බඳවා ගැනීම
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර සේවයට අයත් නිළධාරියෙකු ලෙස වසර 15 කට නොඅඩු සේවා කාලයක් සහිතව, ඉන් අවම වශයෙන් වසර 05 ක් එම සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලැබ සේවය කර තිබීම සහ විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ කාර්මික විභාගය සම්පූර්ණයෙන්ම සමත්වීම.
- දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ තනතුරක සේවය කරනු ලබන නිලධාරියෙකු, එම දෙපාර්තමේන්තුවේ වසර 15 කට නොඅඩු සේවා කාලයක් සහිතව, ඉන් අවම වශයෙන් වසර 05 ක් එම සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලැබ සේවය කර තිබීම.
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිළධාරියෙකු ලෙස වසර 15 කට නොඅඩු සේවා කාලයක් සහිතව, ඉන් අවම වශයෙන් වසර 05 ක් එම සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලැබ සේවය කර තිබීම සහ විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන රජයේ කාර්මික නිළධාරින් සඳහා වන තුන්වන විභාගය (1979 ව්‍යවස්ථාව) සම්පූර්ණයෙන් සමත්වීම.
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිළධාරියෙකු ලෙස වසර 21 කට නොඅඩු සේවා කාලයක් සහිතව එම සේවයේ විශේෂ ශ්‍රේණියට උසස්කර තිබීම සහ එම සේවයේ I ශ්‍රේණියේ වසර 05 ක් සේවය කර තිබීම, සහ විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන රජයේ කාර්මික නිළධාරින් සඳහා වන දෙවන විභාගය (1979 ව්‍යවස්ථාව) සම්පූර්ණයෙන් සමත්වී තිබීම.
නව ඒකාබද්ධ වැටුප් පරිමාණයන්
එක් එක් පන්තියට /ශ්‍රේණියට අදාළ සංශෝධිත වැටුප් පරිමාණ පහත දැක්වේ.
- I පන්තිය (රු. 36,255.00)
- II පන්තිය I ශ්‍රේණියට (රු. 30,175.00)
- II පන්තිය II ශ්‍රේණියට (රු. 29,935.00-10x645-8x799-17x1050- රු. 53,555)
II පන්තිය II ශ්‍රේණිය සඳහා රු.4,870.00 හා රු. 26,805.00 වැටුප් පියවර වලට ළඟාවීමට පෙර පිළිවෙලින් පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සමත් විය යුතුය.
කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ
පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
- ගිණුම් පරිපාටිය
- පරිපාලන පරිපාටිය
- දෙපාර්තමේන්තු නීති හා රෙගුලාසි
- සිංහල/ දෙමළ වාචික
දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
- ප්රඥප්තිය පිරිනමන පිළිගත් වෘත්තීය ආයතනයක් හෝ ආයතනයක ඒකාබද්ධ සාමාජිකත්වයට තේරී පත්වීම ද ඇතුලු ව වෘත්තීය සුදුසුකම්.
සම්පූර්ණ වෘත්තීය සුදුසුකම් සහිතව පත්වීම ලද ඉංජිනේරු නිලධාරීයෙකු II පන්තියේ II ශ්රේණියයේ, රු. 26,805.00 ක වැටුප් පියවරෙහි තබනු ලබයි. නමුත්, ඔහුගේ පත්වීම ලැබූ දිනයේ සිට වසර දෙකක් තුල පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය අදාළ නිර්දේශිත විභාගය සමත්වීමට අවශය වේ.
පත්වීම් හා උසස්වීම්
- II පන්තියේ II ශ්රේණියටයේ ඉංජිනේරු පුරප්පාඩු පිරිවීම සඳහා, ඉංජිනේරු උපාධිය හෝ ඒ හා සමාන සුදුසුකම් ඇති පුද්ගලයන්ට සෘජුවම පත්වීම් ලබාදේ. එයට අමතරව, අනුමත බඳවා ගැනීමේ හා උසස්වීම් පටිපාටියට අනුව තාක්ෂණ සේවා නිලධාරීන්ට උසස්වීම් ලබාදීමෙන් පුරප්පාඩු වලින් 25% පිරවීමට විධිවිධාන ඇත.
- II පන්තියේ II ශ්රේණියටයේ ඉංජිනේරු නිලධාරියෙකු ලෙස වසර 10ක සතුටුදායක සේවා කාලයක් සපුරා ඇත්නම්, පළමු කාරයක්ෂමතා කඩඉම් පරීක්ෂණයෙන් සමත්ව ඇත්නම් හා සම්පූර්ණ වෘත්තීය සුදුසුකම් ලබාගෙන ඇත්නම්, ඔහු වසර 10ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කල දින සිට II පන්තියේ II ශ්‍රේණියට උසස් කරනු ලැබේ.
- I පන්තියේ පුරප්පාඩු, පිරවීමේදී, අදාළ කාණ්ඩ වල ඇතිවන පුරප්පාඩු වලට අනුව II පන්තියේ I ශ්රේණියයේ ඉංජිනේරු නිලධාරීන් මූලිකවම හැකියාව පදනම් කර ගෙන ද, ද්විතිකව ජේයෂ්ඨත්වය පදනම් කරගෙන ද, උසස් කිරීමෙන් පුරවනු ලබයි.
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
අදාල චක්‍රලේඛ
Background of Sri Lanka Engineering Service (SLES)
Before the Sri Lanka Engineering Service was centrally established on 01.10.1971, Engineers required for the Public Service were recruited by the respective Departments according to their needs. Engineers so recruited found themselves subject to varying conditions of employment, and as a result, around 1970 there was a considerable agitation among Engineers in the four Engineering disciplines of Civil, Mechanical, Electrical and Electronics Engineering that promotional prospects were limited, facilities for postgraduates training and practical experience required for Engineers to obtain full professional qualifications were restricted and that the disciplinary procedures in the different Departments were not uniform. As such, the Public Service Engineers suggested the formation of a separate service for Engineers.
The minute on the Ceylon Engineering Service was published in the Ceylon Government Gazette (Extra Ordinary) No. 15001/8 of March 14, 1972 (By the Secretary, Public Service Commission) and the Ceylon Engineering Service was established on 1st October 1971. This minute was replaced by the Minute published in the Gazette (Extra Ordinary) of the Democratic Socialist Republic of Sri Lanka No. 327/1 dated 25-07-1978.
The Sri Lanka Engineering Service minute was further revised to incorporate certain administrative procedures adopted after the promulgation of the new Constitution and revised Minute was published in the Gazette (Extra Ordinary) of the Democratic Socialist Republic of Sri Lanka No. 296/2 dated 7-5-1984.
All amendments inclusive of the new salary scales for Engineers have been incorporated in the service Minute published in the Gazette (Extra Ordinary) of the Democratic Socialist Republic of Sri Lanka No. 509/7 dated 07-06-1988.
As a result of Public Administration Circular No.06/2006, the Minutes of Sri Lanka Engineering Services was revised and published in the Gazette (Extra Ordinary) of the Democratic Socialist Republic of Sri Lanka No. 1836/6 dated 11-11-2013 and No 1840/2 dated 09-12-2013.
ඇමතුම් තොරතුරු
![]() අධ්යක්ෂ
|
![]() සහකාර අධ්යක්ෂ
|
ශාඛා ප්‍රධානි කේ.බී.සී.ජේ. ද සිල්වා මයා
|
|||||||